කීර්ති - ධම්ම - සුරේන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ. 07 January 2019
දඹර අමිල හිමි - ඕෂල හේරත්ගේ පෙත්සම් 7 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉකුත්දා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මස 7 වැනිදා සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 07 January 2019
ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලු පෙත්සම ඉවතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද (7) ඉවත දමා තිබේ. 07 January 2019
කූට ලේඛන සැකසූ කාන්තාවක් අත්අඩංගුවට රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 07 January 2019
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධානත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ. 07 January 2019
ලක්ෂ 120 ක හෙරොයින් කොටහේනෙන් අල්ලයි හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොටහේන ප්‍රජා ශාලාව අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 January 2019
වෝඩ් පෙදෙසේ රථවාහන තදබදයක් උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස අවට දැඩි වාහන තදබදයක් ඇතැයි පොලීසය පවසයි. 07 January 2019
සම්බන්ධන් කතානායක තීන්දුවට එකඟ නොවෙයි තමන්ට තවදුරටත් විපක්ෂනායක ධූරය දැරීමේ හැකියාවක් ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කරනු ලබන පත්කිරීම් කිසිවිටෙක පිළිගත නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය. 07 January 2019
තෙල් සංස්ථාවේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 07 January 2019
කිරිපිටි ගෙන්වීම අර්බුදයක මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. 07 January 2019
තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනපති නියෝග තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (07) පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 January 2019
කේරළ ගංජා ළඟ තබාගත් ජාවාරම්කරු නිදහස් කරන්න දෙමළ සන්ධානයෙන් බලපෑම් කේරළ ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගත් බව කියන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ බලපෑම් හේතුවෙන් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 06 January 2019
ත්‍රිපිටකයේ සන්නස් පත්‍රය මල්වතු මහනාහිමිට ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික වැඩසටහන නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මල්වතු මහාවිහාර පාර්ශවය වෙත ලබාදුන් ශ්‍රී සන්නස්පත්‍රය එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම අද (06) එම විහාරයේ දී සිදුවිය. 06 January 2019
දියණිය මරා වළදැමී යැයි සැක පිට ඇගේ මව-තවත් අයෙක් අත්අඩංගුවට නව හැවිරිදි දැරියක් මරා රහසේ වළදැමූ බව කියන කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු ද අද (06) අත්අඩංගුවට ගත් බව හාලි ඇල පොලීසය පවසයි. 06 January 2019
කෝටියක් වටිනා යන්ත්‍රය කපා අත බේරාගනී අම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතනයක සේවකයෙකුගේ අතක් එහි යන්ත්‍රයට හිරවීමෙන් අනතුරුව කෝටියක් පමණ වටිනා එම යන්ත්‍රය කපා දමා එම සේවකයාගේ අත බේරා ගෙන තිබේ . 06 January 2019
නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් නාමල් කුමාර එරෙහිව ඉදිරියෙ දී හමුදා පරීක්ෂණයක් ආරම්භ කර ඔහු අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව පවසයි. 06 January 2019
මත්කුඩු ජාවාරම්කරු බන්ධනාගාරයෙන් රැගෙන ගිය හිටපු හමුදා සෙබළා රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරියකු ලෙස වෙස් වලාගනිමින් කුඩු ජාවාරම් කරුවකු වන ‘සුනිල් ශාන්ත ‘ නැමැත්තා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැගෙන ගිය හිටපු හමුදා සෙබළා මේ මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අලුත් කඩේ අංක 02 අධිකරණය අද නියෝග කර තිබේ. 06 January 2019
ජනක රණවක ජනපති පෞද්ගලික ලේකම් තනතුරට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ. 06 January 2019
එජනිසේ විශේෂ රැස්වීමක් හෙට පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාල අංක 1 දී පැවැත්වේ. 06 January 2019
මේ සතියේ කැබිනට් සංශෝධනයක් මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 06 January 2019
'ජනාධිපතිගේ තීරණය ඉතා හොඳයි' රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ සභාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. 06 January 2019
කැස්බෑවන් මස් කළ දෙදෙනකු අත්අඩංගුවට කැස්බෑවන් දෙදෙනකු මරා මස් කරමින් සිටි ධිවරයින් දෛනකු කැස්බෑ මස් කිලෝ 35 සමඟ අද (06) උදැසන කොළින්ජාඩිය වෙරළ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි 06 January 2019
ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ. 06 January 2019
අල්ට්රා සොනික් තාක්ෂණයෙන් හෝමාගම රෝහලේදී පිළිකා රෝගියකුට සැත්කමක් කිසිදු කැපුම් තුවාලයක් රහිතව අල්ට්රා සොනික් තාක්ෂණය යොදා ගනිමින් උගුරේ කළ සැත්කමකින් පිළිකාවක් හෝමාගම මූලික රෝහලේදී සාර්ථකව ඉවත් කළ බව රෝහලේ උගුර කණ නාසය සහ බෙල්ල පිලිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය. 06 January 2019
මාතර-බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ දුම්රිය චාරිකාවට බාධා මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය. 06 January 2019
ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕනෑ නැහැ රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය. 05 January 2019
‘ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලනවා‘ ත්‍රීපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 05 January 2019
නවසීලන්තයට ලකුණු 21 ක ජයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තවුරංගාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 21 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය. 05 January 2019
හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය පිහිටි සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ ගින්නක් අද (05) හට ගෙන තිබේ. 05 January 2019
සත්ව ආහාරයට යැවූ කිරිපිටි යළි පැකට් කර වෙළෙඳපොලට යැවීමේ ජාවාරමක් සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 15,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි පැකට් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. 05 January 2019
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026