බුදු දහම විකෘති කරන කලා නිර්මාණ සම්බන්ධ පියවර ගැනීමට බුද්ධි මණ්ඩලයක්
බුද්ධ ධර්මය සහ බුද්ධ චරිතය විකෘති කරමින් නිෂ්පාදනය කරන නාට්‍ය, ගීත, කවි, චිත්‍රපට ආදී නිර්මාණ සම්බන්ධයෙන් පියවර ගැනීමට මහ නායක හිමිවරුන්ගේ නිර්දේශය මත බුද්ධි මණ්ඩලයක් පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසිය.