(අනීෂා මානගේ)
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගලු වෙල්යාය ප්‍රදේශයේදී අද(27) දහවල් මෝටර් රථයක් සහ බස් රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා බිළිඳෙකු ඇතුළු හය දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ගැටමාන්න බණ්ඩරවත්ත ප්‍රදේශයේ සය දෙනකු බව පොලිසිය කියයි.
අනතුරින් මාස තුනක් පමණ වන බිළිඳෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මෝටර් රථයේ පැමිණි තවත් කුඩා දරුවන් දෙදෙනකු සහ තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රන්න දෙස සිට තංගල්ල දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.අනතුරට ලක්වූ බසය ගාල්ලේ සිට කතරගම බලා යමින් සිටි බස් රථයක් බව පොලිසිය කියයි. තංගල්ල මූලස්ථාන පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ රියදුරන් ජීවිතය විශ්වාස කරගෙන රිය පදවන්නෝය. ලංකාවේ රියදුරන් තමා පදවන වාහනය විශ්වාස කරගෙන රියපදවන්නෝය..