(ජයන්ත සමරකෝන්)
අසත්‍ය වෛද්‍ය වාර්තා රුපියල් 2,000-4,000 අතර මුදලකට නිකුත් කිරීමේ අළුත්ම ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුළ සිදු වෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනාවරය කරගෙන තිබේ
තමන් රවටා මුදල් ලබා ගන්නා බවට මහජනතාවගෙන් ලද පැමිණිලි අනුව කළ පරීක්ෂණ වලින් අමාත්‍යවරයා එහි කළ සංචාරයකින් අනතුරුව මෙම තොරතුරු හෙළි කරගෙන ඇත.
රුධිරගත සීනී මට්ටම වැඩි හා දියවැඩියාව රෝගයෙන් පෙලෙන පුද්ගලයකුට වූවද මේ අනුව මුදල් දී මෙම වාර්තා ලබාගැනීමේ හැකියාව පවතින බවද ඇතැම් සේවකයින් තැරැව්කරුවන් හා එක්ව කාලයක් මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයිද හෙළිවී තිබේ.
මෙම වංචනික ක්‍රියා මැඩපැවැත්වීම සඳහා දැනට අකර්මන්‍යව පවතින වැටලීම් අංශය වහාම ශක්තිමත් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නොවෙයි ඉතින්.
ආනේ... ඇමතිතුමා, අදයි මේවා දැනගෙන තියෙන්නේ.. පව් අනේ...
ජනාධිපතිතුමා ප්රශ්නය හොයලා විසඳන්න හදනකොට මෙයා වෙන බයිලා ගහනවා. මෙයා යහපාලනය කාලෙත් හිටපු ඇමතිනේ.. මෙලෝවැඩක් කරේ නෑනේ. දැන් තමයි ඇහැරිලා කයිවාරු ගහන්නේ මාධ්‍ය ඉස්සරහා. ඊළඟ ඡන්දෙන් ගෙදර තියන්න ඕන චරිත තමයි මේ..
RMV ආයතනය මීටවඩා කාර්යක්ෂම වෙන්න ඕනේ...
මේ ජනාධිපතිතුමා ඔය පැත්තේ යනකම්ම හිටියද? ඊයේ නේද ජනාධිපතිතුමා ඔය පැත්තේ ගියේ...? අනික හිටපු එක්කෙනා කිව්වා නේද සියලු රාජ්‍ය වැරදිවලට පොදුවේ සැවොම වගකියන්න ඕනේය කියලා. දැන් ලකුණු දාගන්න හදන්නේ නැතිව දැන් දකින සියලු දේවලට තමනුත් වගකිවයුතු බව තරයේ මතක තබා ගන්න. දැන් තමයි මෙයාට පෙනයක් තියනවා කියලාවත් මතක් වෙලා තියෙන්නේ. ඉස්සර ඇඳ යටද හිටියේ?
රජයේ ආයතනවල වැඩ කෙරෙන හැටි දැනගත්තේ අදද?
මොකද දියවැඩියා රෝගීන්ට ලේ දෙන්න විතරයි බැරි? අනික් ඕනෙම තැනක රැකියාවල් කරනවා. එ්කට හොර සහතික ඕනේ නැත.
R.M.V. එකේ දුෂණ ගොඩක් තියෙනවා. සමහර ලොක්කොත් මේවට හවුල්. මේ අය ජරාව නැතුව වැඩ කරන්නේ නැහැ.
ඕවා මොනවද? හොරාට තව මොනතරම් දේවල් කරනවද?
මේ සියලු දේ සද්භාවයෙන් කරන දේවල් විදියට ඉස්සරහට ගණන් ගම්මු.
වෛද්‍ය සහතික විතරක් නෙවෙයි, විභාගෙ නොලියා ට්‍රයල් නොගොස් බලපත්රයම ගන්න පුලුවන් හොරට. නිකම් නෙවෙයි. අදාල සියලු ලියකියවිලි හදලා ඒ තොරතුරු සිස්ටම් එකටත් ඇතුල් කරලා. එතකොට ඒක නීත්‍යානුකූලව ගත් බලපත්‍රයක්...