වෛද්‍ය සාෆි ගේ නඩුව විමසීම සවස 1 තෙක් කල් තබයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව විමසීම සවස 1 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 11 July 2019
කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 /12 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයකු කොල්ලුපිටියේ හෝටලයකදි පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය එක්ව අද (11) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 11 July 2019
අයිඕසී සමාගමද තෙල් මිල පහත දමයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගමත් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරනු ලැබීය. 10 July 2019
ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්රදානය කළේය. 10 July 2019
ජුලි 18 - 19 විදුහල්පතිවරු - ගුරුවරු ලෙඩ වෙති ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජුලි මස 18,19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අද (10) අනුරාධපුරයේදී පැවසුවාය. 10 July 2019
තවුහීත් ජමාත් ලේකම් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සොයයි තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (10) කරුණු වාර්තා කර ඇත. 10 July 2019
මොරටුව සරසවියේ ගින්නක් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ මීට සුළු මොහොතකට පෙර හදිසි ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි. 10 July 2019
රතුපස්වල නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක් පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට සහ හමුදා භටයින් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (10) ඉල්ලීමක් කර ඇත. 10 July 2019
පාස්කු ප්‍රහාරය ගැන නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහගෙන් පැය 4 ක් ප්‍රශ්න කෙරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාර එල්ලවීම යම්තාක් දුරට අඩු කර ගැනීම සඳහා කටයුතු නොකළ බව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා විමර්ශනවලට අදාළව අද (10) බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි. 10 July 2019
රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එෆ්සීඅයිඩීයට පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබුද්ධ ආයතනවල සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 10 July 2019
විශ්‍රාමිකයින් පිරිසකට වැඩිකළ වැටුප නොලැබීමට හේතුව මුදල් අමාත්‍යාංශය කියයි විශ්‍රාමිකයින් පිරිසකට මේ මාසයේ වැඩිකළ වැටුප නොලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාවය නිසා යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 10 July 2019
මත්පෙති පාර්සලයක් සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අයෙක් අත්අඩංගුවට පා සම්භාහන උපකරණයක් තුළ සඟවා බෙල්ජියමේ සිට මෙරටට එවා තිබූ රුපියල් එක්කෝටි හතලිස්අට ලක්ෂයකට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ 25 හැවිරිදි තරුණයකු අද (10) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත්ඩංගුවට ගත් බව රේගුව පවසයි. 10 July 2019
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තු විවාදය විනාඩි 5 කට නවතී පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය විනාඩි 5 ක කාලයක් නවතා දැමීමට මුලසුනෙහි සිටි හේෂාන් විතානගේ මන්ත්‍රීවරයාට සිදුවිය. 10 July 2019
හෙරොයින් ළඟ තබාගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (10) නියම කළේය. 10 July 2019
විශ්වාසභංග යෝජනාව ගැන ටීඑන්ඒ තීරණය හෙට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට(11) පෙරවරුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 10 July 2019
මාධ්‍ය අංශය ගැන පරීක්ෂණයක් කරන්නයි ඉරාජ් ජනපතිගෙන් ඉල්ලයි සිය ෆේස්බුක් පිටුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ගැන සැකයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ගායක ඉරාජ් වීරරත්න මහතා අද (10) පැවැසීය. 10 July 2019
තෙල් සංස්ථාවේ හිඟ මුදල් ගෙවන්න ලංකා බැංකුවෙන් ණය ගන්න යයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1500ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 10 July 2019
සරසවි සිසුන් ඇතුළු5 දෙනා ඝාතන සිද්ධියේ වාර්තාවක් දෙන්න නියෝග ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැදගත් සාක්කිකරුවන් තිදෙනා පදිංචිව සිටින ස්ථානයන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කළේය. 10 July 2019
කම්කරු උපදේශක සභාව නව පනතට එරෙහි වෙයි කම්කරු නීති රීති එකම නීතියක් යටතට ගෙන ඒම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාවලියට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වැඩකරන ජනතාවගේ වෘත්තිය සමිතිවල දැඩි විරෝධය එල්ල වී ඇත. 10 July 2019
කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇත. 10 July 2019
‘පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීමේ බලය මට තියනවා’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ බලය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් තමන්ට පවරා ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පැවසීය. 10 July 2019
ගුරුකන්ද කෝවිල ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදී. 10 July 2019
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරකවරයා හෙට දිවයිනට යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරක ජිල් ද කාකොව් මහතා හෙට (11) මෙරටට පැමිණීමට නියමිතය. 10 July 2019
ඝාතන කොන්ත්‍රාත්තුවේ සැකකාරිය රිමාන්ඩ්: සැකකරුට ඇප රුපියල් විසි ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරිම සඳහා සැළසුම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටි සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාරිය තව දුරටත් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය. 10 July 2019
මුස්ලිම් කාන්තා ඡායාරූප සහිත දුරකථන 2ක් සොයාගනී පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලකළ සහරාන්ගේ බිරිඳ දුරකතන දෙකක් කඩා විසිකර දැමූ බව කියන ස්ථානයට කිලෝමීටර් තුනක පමණ දුරකින් දිවුලපිටිය මීරිගම මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේ බෝක්කුවක් අසළ සැකකටයුතු පාර්සලයක තිබී මුස්ලිම් කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් නවීන ජංගම දුරකථන 2ක් අද(10) සොයාගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 10 July 2019
ජාතික පාසලේ සේවය වසර 3ක් නම් දරුවනුත් එම පාසලටම තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සේවය සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 10 July 2019
ඇමැති සජිත් එක්ක සිනමා කර්මාන්තය ගැන සාකච්ඡා නවතී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡා මේ වනවිට අනපේක්ෂිත ලෙස නැවතී තිබේ. 10 July 2019
සන්ධ්‍යා එක්නැළිගොඩ ගොනු කළ පෙත්සමට අදාල කරුණු දැක්වීමට නීතිපතිට කල් දෙයි සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ මුදා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ ගොනු කළ අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 10 July 2019
‘කසළ’ මාතර පොළ වහයි කසළ ප්රශ්නය හේතුවෙන් අද (10) මාතර මහජන පොළ වසා දැමීමට මාතර මහ නගර සභාව පියවරගැනීම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව වෙළෙන්දෝ සහ පාරිභෝගික ජනතාව පවසති. 10 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026