
කොරෝනා වයිරසයෙන් රට බේරාගත් ඉන්දීය ජනතාවට කෘතඥ වෙන බව එරට අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය.
ලොක්ඩවුන් සීමා තවදුරටත් දීර්ඝ කරන බව දැනුම් දීම ජාතිය ඇමතූ අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
ජාතිය අමතමින් මැයි මස 3 වැනිදා දක්වා ලොක්ඩවුන් සීමා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
සිය කතාව අරඹමින් ඉන්දීය ජනතාවට කෘතඥ වන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මෝදි බොහෝ පිරිසක් දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයිද පිළිගත්තේය. ඉන්දියාවේ සිය දහස් ගණනක් මේ වනවිට ආහාර හා ප්‍රවාහන පහසුකම් නොලැබීම නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.
"ඔබ කළ සියල්ල රට වෙනුවෙන් . ඔබ සියලුදෙනා විනයගරුක සොල්දාදුවෙක් වගේ වැඩ කළා. මම ඔබ සියලු දෙනාට ගෞරව කරනවා" ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
බී.බී.සී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd