IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අටුළුගම අගුළු ඇර ආයෙත් අගුළු දමයි

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හුදකලා කර තිබෙන අටුලුගම  ප්‍රදේශයට ඇතුළු වීමට තිබෙන  ආරක්ෂක මුර කපොල්ල අද  උදෑසන 14  හිටි හැටියේම ඉවත් කර  මද වේලාවකින් නැවත ස්ථාපිත කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි .

අලෝතියාව හන්දිය ඇතුලු අටුලුගමට  පිවිසෙන මාර්ග බාධක වල යොදවා සිටි හමුදා සෙබලුන් සියලු දෙනා ඉවත් කර මේ වන විට  බේරුවල  ප්‍රදේශයට  අනියුක්ත කර  ඇතැයි  දැනගන්නට ඇත.

ඉකුත් මස 26 වෙනි දින අටුලුගම මාරාව  ප්‍රදේශයෙන් හමු වූ ප්‍රථම කොරෝනා රෝගියාගේ පියා හා සහෝදරිය එම රෝග ලක්ෂණ පහල කිරීමත් සමග 28 වෙනි දින අටුලුගම ග්‍රාම සේවා වසම් 7 ක් හුදෙකලා තත්ත්වයට පත්කළ අතර එම රෝගියා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනෙකු බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානය නිරෝධායනට ලක් කෙරිණි.

එදින සිට ඊයේ දක්වා එම පුද්ගලයන් වෙතින් කිසිදු රෝග ලක්ෂණ පහල නොවීම හේතුවෙන් ඔවුන් නිවෙස් කරා පිටත් කර හැරිණි.

රෝගීන් 5 දෙනෙකු හමු වීමත් සමගම සෞඛ්‍ය අංශ වල දැඩි අවධානයකට  ලක් වූ අටුලුගම හුදකලා තත්ත්වය තවත් දින කිහිපයක් ඒ අයුරින්ම තැබීම වඩාත් සුදුසු බව  ප්‍රාදේශීය සෞඛ්‍ය  නිලධාරීන්ගේ මතය වී ඇත.
 



අදහස් (0)

අටුළුගම අගුළු ඇර ආයෙත් අගුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site