රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසා දමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට අද (10) තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය. 10 July 2019
රත්නපුර නගරය වීඩියෝ කළ දෙදෙනා ගැන විමර්ශන රත්නපුර නගරය සහ රත්නපුර ප්‍රධාන බස් නැවතුම් පොළ වීඩියෝ ගත කරද්දී අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනා එසේ කිරිම සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි කරුණු ඉදිරිපත් නොකළ නිසා ඒ ගැන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව රත්නපුර පොලීසිය පවසයි. 10 July 2019
ආරක්ෂිත කැමරා පද්ධතිය ගඟට වීසි කළ සැකකරු අත්අඩංගුවට ගිංතොට මහා විදුහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරකම් කොට ගිංතොට පාලමෙන් ගඟට දමා ඇති සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 10 July 2019
අඩු ආදායම් ලාභීන්ට දෙන්න හැදූ ගෙවල් වලින් 22 ක් හිතවතුන්ට දීලා කොළඹ මහනගර සභාව රුපියල් ලක්ෂ 2000 ක වියදමින් දරා 2016 වසරේ ඉදිකරන ලද පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමයට අයත් (ඩෝබි වත්ත) නිවාස 64 ක් අතරින් 42 ක් එම අඩු ආදායම් ලාභී පවුල් අතර බෙදා දී ඉතිරි නිවාස 22 නාගරික මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට ලබාදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහනගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. 10 July 2019
‘මේ ආණ්ඩුවට තව දුරටත් වගකීම දැරීමේ අයිතියක් නෑ‘ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට තව දුරටත් රට හා ජනතාව පිළිබඳ වගකීම් ඉසිලීමේ අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 July 2019
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී මීට මොහොතකට පෙර ඇරඹිණි. 10 July 2019
අම්පාරෙන් කොළඹට ගෙන ආ ඇමෝනියා ගැන පුළුල් විමර්ශනයක් අම්පාරේ සිට කොළඹ බලා රාත්‍රී කාලයේ එමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ 150 ක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි. 10 July 2019
බඩගින්නේ ඉන්න බැරිව දුම්රියට පනින්න හැදූ මවත් දුවත් බේරා ගැනෙති සැමියා හැර යාම නිසා දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටි මවක සහ ඇගේ දියණියක දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට හැකි වූ බව ගල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය පවසයි. 10 July 2019
ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 10 July 2019
ලක්ෂ 30 ක ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමඟ සැකකරුවකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි. 10 July 2019
බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්නැයි මුස්ලිම් මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලති මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 09 July 2019
‘දේශගුණ විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතුයි’ දේශපාලන හා ආර්ථික නිදහස ළඟා කරගන්නාක් මෙන්ම අනාගතයේදී දේශගුණික විපර්යාසවලින් නිදහස් වන ආකාරයත් සිතිය යුතු බව යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 09 July 2019
‘‘දැනට එජාපයේ ඉන්න සාමාජිකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරනවා‘‘ දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹදී පැවැසීය. 09 July 2019
ඉල්ලා අස් නොවැන්නැයි අගමැති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලයි ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් අද (09) ඉල්ලීමක් කර තිබේ. 09 July 2019
කැවුමාට අයත් දේපල මුදා හරින්නැයි කළ ඉල්ලීම විසිවෙයි කෝටි පන්සියයේ දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා ට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාල නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ දේපල සැකකරුහට මුදා හරින ලෙස විත්තිය විසින් පසු ගිය නඩු වාරයේ දී කළ ඉල්ලීම මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (09) වැනිදා ප්‍රතික්ෂේප කළේය. 09 July 2019
ලංවීම තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ. 09 July 2019
රතන හිමියෝ - ආනන්ද අලුත්ගමගේ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටෙති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 09 July 2019
ලාංකික ශ්‍රමිකයන්ට ඕමාන් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙන්න අංකයක් ඕමාන් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවීම සඳහා ගාස්තු රහිත දුරකතන සබඳතාවක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 09 July 2019
අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (09) පේරාදෙණිය දවුලගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 09 July 2019
අ’පුර පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ අනවසර ඉදිකිරීමක් අනුරාධපුර පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති භූමියක කාන්තාවක් විසින් අත්තිවාරම කපා එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින ආකාරය එම ප්‍රදේශයේ අද (09) කළ සංචාරයකදී දක්නට ලැබුණි. 09 July 2019
අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි නිලධරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියම කළේය. 09 July 2019
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනාගේ නඩුවේ තීන්දුව අගෝස්තු 8 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අගොස්තු 8 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) නියම කළේය. 09 July 2019
සංස්ථාවෙන් ලංවීමට තෙල් නිකුත් නොකිරීමෙන් විදුලිය කැපීමේ අවදානමක් ඛණිජතෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (09) පැවැසීය. 09 July 2019
‘‘රටේ අනාගතය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක් ගොඩනැගීමෙන්‘‘ ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය සහ ප්‍රගතිය රඳා පවතින්නේ ආරක්ෂාව තහවුරු කළ සාගර කලාපයක ‘නීල ආර්ථිකයක්’ ගොඩනැගීමෙන් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (09) පෙරවරුවේ ප්‍රකාශ කළේය. 09 July 2019
වැලිකන්දට අයිස් වැසි මාස හයකට අධික කාලයක් පොලොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මාන වලට අද (9) සවස අයිස් වැස්සක් ඇද හැළෙමින් පවතී. 09 July 2019
ජනපති එංගලන්තයට යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය. 09 July 2019
විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධාන තීරණය පසුවට කල් යයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. 09 July 2019
ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 July 2019
තවුහීත් ජමාත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නිකවරටියේ දී අත්අඩංගුවට ගත් ජාතික තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රවර්ධන කටයුතුවල නිරතවූ එම සංවිධානයේ ප්‍රධාන සැකකරුවකුව සිටි මවුලවීවරයකු මාස දෙකකට පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දුන් බව පොලිසිය කියයි. 09 July 2019
‘ඉඩම් විශේෂ විධිවිධාන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නෑ’ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 09 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026