ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,844,410 ක් ලෙස දැක්විණි.
ලොවපුරා කොරෝනා මරණ ගණන 113,000කි.
කොවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ද ගාඩියන්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd