මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ගැන සීඅයිඩී පරීක්ෂණ කාන්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 08 July 2019
රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර අත්අඩංගුවට ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නම් කර ඇති 8 දෙනා අතර සිටි ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 08 July 2019
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානුවන් 14ක් අත්අඩංගුවට වීසා කාලය අවසන්ව නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දියානුවන් 14දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(08) අත්අඩංගුවට ගෙන ඇත. 08 July 2019
හේමසිරි - පූජිත්ගේ පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ගොනු වී ඇති සියලූම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා එම පෙත්සම් විභාග කිරිමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (8) තීරණය කරනු ලැබීය. 08 July 2019
කතරගම රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් ගිනි අවි සමඟ අල්ලයි කතරගම නාගහවිදියේ රක්ෂිත ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයන් පස්දෙනෙකු ගිනි අවි සමඟ අද(08) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීහු පවසති. 08 July 2019
මාතර නගරය පුරා කසළ ගොඩගැසේ මාතර කොටවිල කසල අංගනයට කසළ බැහැර කිරීම මාස තුනක කාලයක් වලකාලමින් මාතර මහ නගර සභාවට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් අද (08) වන විට මාතර නගරය පුරා කුණු කසල ගොඩ ගැසී තිබුණි. 08 July 2019
රත්ගම ඝාතන නඩුවේ 17 දෙනා යළි රිමාන්ඩ් රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (8) නියෝග කළේය. 08 July 2019
‘මඩකලපුව විශ්වවිද්‍යාලයට මුදල් භාවිත කළ ආකාරය සොයන්න’ මඩකලපුවේ ඉදිකර ඇති විශ්වවිද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් ලැබුණු අරමුදල් භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 July 2019
‘මුහුණු පොත ආණ්ඩුවේ ප්‍රාණ ඇපකරුවෙක්’ මුහුණුපොත සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්ව සිටින්නේ යැයි නීතිඥ සංවිධාන එකමුතුව චෝදනා කරයි. 08 July 2019
ස්පෙක්ට්‍රම් ගුවන් යානය බණ්ඩාරනායක ගුවන්තොටට ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මේ වන විට නවත්වා තිබේ. 08 July 2019
තවත් බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 July 2019
සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජනාදරී නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය. එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමණායකට හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබිණි. 08 July 2019
නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිට නිල නිවස ලැබී නැහැ සිය නිල නිවස නියමිත පරිදි නොලැබීම හේතුවෙන් නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාට නෙදර්ලන්තයේ හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 08 July 2019
ජනාධිපතිවරණය කල් දාන්න දෙන්නේ නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි ද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන්නේයැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ලංකාදීපයට පැවසීය. 07 July 2019
අන්තවාදය පැරදවීමේ වගකීම භික්ෂූන්ට දෙන්න ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලාට බාර දෙන්නැයි පාලකයන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (7) මහනුවරදී පැවැසූහ. 07 July 2019
බෝගම්බර ප්‍රකාශය එළි දකී ‘දැයම එක රොදකට‘ යන තේමාවෙන් බොදු බල සේනා සංවිධානය සංවිධානය කළ සිව් හෙළයේ මහා සමුළුව තෛයි නිකායික මහා සංඝරත්නයේ හා අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේදී අද පැවැත්විණි. 07 July 2019
බිරිය ඝාතනය කර සැමියා පොලිසියට බාර වෙයි වසර දෙකහමාරක් විදේශගතව සිට ලංකාවට පැමිණි බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ සැමියා අද (07) උදැසන හසලක පොලිසියට බාරවී තිබේ. 07 July 2019
කතරගම යන්න 26,000 ක් කුමනින් ඇතුළු වෙති උතුරු නැගෙනහිර පළාත්වල සිට කතරගම වන්දනාවේ එන හින්දු බැතිමතුන් 26,396 දෙනෙකු අද (07) සවස 03.00 වනවිට නැගෙනහිර පළාතේ ඕකන්ද හිටි කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලු ඇති බව උද්‍යාන පාලක සිසිර කුමාර රත්නායක මහතා පැවසීය. 07 July 2019
සිසුන් ඇතුළත් කිරීම ගැන දකුණු ආණ්ඩුකාරවරයාට එරෙහිව විගණකාධිපතිට පැමිණිලි පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ඇතැම් පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 07 July 2019
ජාතික නායකයන් නැති රටක් ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවකට ජාතික නායකයන් නොමැති බව ද එය රටේ අනාගතය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 07 July 2019
ඇෆ්ගනිස්ථානයේ ගාස්නි ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රහාරයක්:14 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම ගාස්නි නගරයේ ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට තලේබාන් ත්රස්තවාදීන් පහරදීම හේතුවෙන් 14දෙනකු මියගොස් 140දෙනකු පමණ තුවාල ලබා ඇත. 07 July 2019
‘ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම නවත්තන්න බෑ‘ ශ්‍රී ලාංකික ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ කටයුත්ත නතර කරන්නට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී අද (07) පැවැසීය. 07 July 2019
ගාලු කොටුවෙන් මුහුදට අසූචි මිශ්‍ර ජලය ගාල්ල කොටුවේ පැරණි පල්දෝරු පද්ධතියට අසූචි බැහැරකිරීම තහනම් කර තිබිය දී කොටුවේ ඇතැම් නිවාස හා හෝටල් හිමියන් අසූචි මිශ්‍ර ජලය හා වෙනත් අපද්‍රව්‍ය එම පද්ධතියට බැහැර කිරීම හේතුවෙන් බරපතල ගැටලුවක් මතුව ඇතැයි ගාලු උරුමය පදනම පවසයි. 07 July 2019
ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවෙක්ට කුඩු දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට බත් පාර්සලයේ කරවල කැබැල්ලක් තුළ සඟවා හෙරොයින් දීමට තැත්කළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ. 07 July 2019
මුස්ලිම් මන්ත්‍රීවරු 10 වැනිදා විශේෂ සාකච්ඡාවක පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) එච්.එම්.එම් හාරිස් මහතා ලංකාදීපයට අද (7) පැවැසීය. 07 July 2019
ගෝඨා හිරේ තියාගෙන හරි ඡන්දය කරනවා ජනාධිපති අපේක්ෂකයා ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළත් සිරගෙදර තබාගෙන ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 07 July 2019
පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව හමුදාව කියයි ගාල්ල පාසලක් අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර සෙබලා පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඔහු වරදක් කර ඇති බවක් පෙනෙන්නට නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අද (7) පැවසීය. 07 July 2019
මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහරදී එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ හිටපු ආසන සංවිධායක හිටපු පළාත් භා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 July 2019
අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ්. නිලධාරීන් 4 කගේ වැඩ තහනම් අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතුවල යෙදන මුවාවෙන් නිතී විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධව කටයුතු කළ බවට සැක කෙරෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආරංචි මාර්ග කියයි. 07 July 2019
පානදුර උතුර පොලීසියේ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන් පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 07 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026