’නඩුවලට පෙනී ඉන්න හැකි ඉක්මණින් ලංකාවට එනවා’ ‘මට දැන් සුවයි. නඩු කටයුතුවලට මුහුණ දෙන්නට හැකි ඉක්මණින් ලංකාවට එනවා.’ යැයි සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 July 2019
මිහිදු හිමි වැඩසිටි පිළිමගෙය අනුරාධපුරයෙන් සොයාගනී මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ ස්ථිරව වැඩසිටි විහාරයේ පිළිමගෙය සොයාගැනීමට අනුරාධපුර මහවිහාර ව්‍යාපෘතියට හැකිවූ බව එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පවසයි. 07 July 2019
පලාලි ගුවන්තොට ජාත්‍යන්තර ගුවන්තොටක් ලෙස සංවර්ධනයට පියවර පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. 07 July 2019
පොළගකු දෂ්ඨ කරවා බිරිය මරන්න හැදු සිද්ධියට කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ ඇගට පොළගෙකු දමා දෂ්ඨ කරවීමට උත්සාහ දැරූ එම කාන්තාවගේ සැමියා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට සැක කරන කාන්තාවක් ගම්පහ මුලස්ථාන පොලීසිය මගින් අද (7) අත් අඩංගුවට ගෙන ඇත. 07 July 2019
ඉන්දියාවට කඩුලු 7 ක ජයක් එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 06 July 2019
හමුදා ජීප් රථයක් අනතුරට ලක්වී 10 ක් රෝහලේ අම්පාර අක්කරපත්තුව සිට කල්මුණේ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ යුද හමුදා ජීප් රථයක් නින්දවූර් අල්ලිමුල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීම නිසා ජීප් රථයේ ගමන් ගත් හමුදා භටයින් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි සමන්තුරේ පොලිසිය කියයි. 06 July 2019
ශ්‍රී ලංකාව කඩුලු 7 ට 264 යි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. 06 July 2019
පුරාවිද්‍යා භූමියේ ලිප් 150 ක් බැඳ ගිනිදල්වති මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ. 06 July 2019
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 06 July 2019
ආපදාවට පත් මගීන් පිරිසක් බේරාගනී යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් 10 දෙනෙකු බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (05) රාත්රියේදී කටයුතු කර ඇත. 06 July 2019
උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබළා බූස්ස 581 බලසේනාධිපති බාරයට ගාල්ල අක්මීමන පොලිස් වසමේ මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් පොලිසිය විසින් බූස්ස 581 වන බලසේනාධිපතිවරයා වෙත බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 July 2019
ඇවන්ට් ගාඩ් සභාපති - විශ්‍රාමික කොමදෝරු රට පනිති ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව රහස් පොලිසිය විසින් හෙළි කරගෙන ඇත. 05 July 2019
පූජිත්ගෙන් ප්‍රශ්න කරන්න රහස් පොලිසියට අවසර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටින අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (5) අවසර දුන්නේය. 05 July 2019
පානදුර රෝහලේ වියළි ආහාර හොරෙන් පිට කිරීමේ ජාවාරමක් හෙළිවෙයි පානදුර මූලික රෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනයට ලබා දෙන වියළි ආහාර තොග පිටින් පිට කිරීමේ ජාවාරමක් සොයා ගැනීමට රෝහලේ බලධාරීන් සමත් වී තිබේ. 05 July 2019
කන්කසන්තුරෙන් නව කොරල්පරයක් සොයා ගනී නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍ර මුහුදු ප්‍රදේශයෙන් නව කොරල් පරයක් සොයා ගත් බව නාවික හමුදාව කියයි. 05 July 2019
ඇවන්ට් ගාඩ් සභාපති ඇතුළු 8 දෙනා අත්අඩංගුවට ගන්න නියෝග ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (5) නියම කළේය. 05 July 2019
පැහැරගත් රිවෝල්වරය හමුවේ මඩකලපුව පුදුර් ප්‍රදේශයේ දී පෙරේදා (4) පෙරවරුවේ රථවහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට පිරිසක් පහර දී එක් පොලිස් නිලධාරියකු සතු තිබී පැහැරගත් රාජකාරි රිවෝල්වරය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමාගොස් තිබියදී අද (5) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 05 July 2019
‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් දෑරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ හෙවත් අත කොටා නැමැත්තාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (5) නියම කළේය. 05 July 2019
චිත්‍රපට බෙදාහැරීම සංස්ථාව සතුවීම ජයග්‍රහණයක් චිත්‍රපට කර්මාන්තයට පසුගිය සමයේ ඇතිවූ බලපෑම් හමුවේ ඇතිවූ කඩා වැටීමත් සමඟ වෘත්තීය නිෂ්පාදකවරුන් ලෙස අද ඉතිරි වී සිටින්නේ තුන්දෙනෙකු හෝ සිව් දෙනෙකු වැනි සුළුතරයක් පමණකැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය. 05 July 2019
‘පොහොට්ටුවට වෙන ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැතැයි බොරු ප්‍රචාරයක් ගෙනයනවා' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට ඇතැම් පුද්ගලයන් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (5) පැවසීය. 05 July 2019
මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න නව අංකයක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය 1984 නමින් නව කෙටි අංකයක් හඳුන්වා දී ඇත. 05 July 2019
මුහුණු පොතෙන් රට ගිනි තැබූ ව්‍යාපාරිකයා රිමාන්ඩ් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරිකයා තවදුරටත් ජුලි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (5) නියෝග කළේය. 05 July 2019
උපනන්ද විදුහලේ වෙඩිතැබීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක් ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසලට බලෙන් ඇතුළුවීමට යාමේදී එහි රාජාකාරියේ නිරතව සිටි හමුදා සෙබළකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව කියයි. 05 July 2019
මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 05 July 2019
හැඳුනුම්පත් වෙබ් අඩවිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. 05 July 2019
වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 05 July 2019
‘නඩු ප්‍රමාදය වළක්වන්න නව පනත් 2ක් ගේනවා’ අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (5) පැවසුවාය. 05 July 2019
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් මරණ දඬුවමට එරෙහි වෙයි මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ දී සිරකරුවන්ගේ යෝග්‍යතාවය පිරික්සීම හෝ ඊට කවර හෝ ලෙසකින් දායකවීම හෝ වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එහි සාමාජික සියලු වෛද්‍යවරුන්ට දන්වා යවා ඇත. 05 July 2019
සති දෙකක් තුළ වර්ජන නොකළොත් ගැසට්ටුව ඉවත් කරන බව ඇමැති කියයි දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 05 July 2019
පාසල් සිසුන් 8දෙනෙකු රෝහලේ හදිසියේ රෝගාතුර වූ පාසල් සිසු සිසුවින් අටදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (05) ඇතුළත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය. 05 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026