IMG-LOGO

කොරෝනා රෝගියා ගෙනා රියදුරු - සහායක නිරෝධානයනට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරී වසමෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සඳහා පොලොන්නරුව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ.

මෙම කොරෝනා ආසාදිතයා කටාර් රාජ්‍යෙය් සංචාරයකින් පසුව පසුගිය මාර්තු 16 වෙනි දින අම්පාරට පැමිණ තිබේ.  පසුව පොලිසියට කරුණු වාර්තා කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ නිර්දේශය අනුව මාර්තු 30 වැනිදා දක්වා  නිවස තුල ස්වයං නිරෝධායනය වී තිබේ. නිරෝධායනය වී දින නවයකින් පසුව ඔහුගේ නියැදි පරීක්ෂා කිරීමේදී කොරෝනා ආසාදිත වී ඇති  බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබේ.

මෙයට අමතරව මෙම ගම්මානයේ පුද්ගලයින් 320 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනය කරන අතර එම ප්‍රදේශයට ඇතුළු වන මාර්ග වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

පවතින තත්වය මත අක්කරපත්තුවට පැමිණෙන අම්පාර , කල්මුණේ ,පොතුවිල්  ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර නගරයට ඇතුල්වීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන අතර අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඇතුල්විය හැකි බව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පැවසීය.

මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යද හමුදාව, පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.



අදහස් (0)

කොරෝනා රෝගියා ගෙනා රියදුරු - සහායක නිරෝධානයනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site