මධ්‍යම පළාත් සිසු නිපුණතා ප්‍රශ්න පත්‍රයේ දොස් ඇතැයි ගුරුවරු කියති මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා 5 ශ්‍රේණිය සිසුන් සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත ගුරුවරු චෝදනා නගති. 26 November 2019
මුසම්මිල්-ජයන්තගේ රට ගමන් තහනම ඉවතට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 November 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාගේ රට ගමන් තහනම අවලංගු කරයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 November 2019
මහමෝදරින් ඒඩ්ස් රෝගීන් 8 ක් ගාල්ල මහමෝදර ලිංග්‍රාශ්‍රිත රෝග සායනයෙන් මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳී ඇති රෝගීන් 8 දෙනෙකු සොයාගත් බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මහමෝදර ශික්ෂණ රෝහල් සායනයේ විශේෂඥ වෛද්‍ය දර්ශණී විජේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය. 26 November 2019
කරූ දිගටම කතානායක තනතුරේ කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 26 November 2019
’දිගටම නායකත්වයේ ඉන්න අදහසක් රනිල්ට නැතිලු’ දිගින් දිගටම පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නට තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දැනුම් දී තිබේ. 26 November 2019
පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ලබන 29 වැනිදාට යෙදී තිබෙන හෙයින් ඊට කලින් පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. එබැවින් ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවාරය අවසන් කරනු ඇතැයි දැනගන්නට ඇත. 26 November 2019
පස්සර නායයාමක් : 28 ක් ඉවතට පස්සර නිකේබැද්ද ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව පස් කන්දක් සමඟ ගලක් පෙරලී නිවසකට බරපතල හානි සිදුව ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 26 November 2019
බෙරගල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා බෙරගල - වැල්ලවාය මාර්ගයේ ලේමස්තොට 193 කණුව අසළ දී, අද (26) මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරන කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 26 November 2019
හම්බන්තොට වරාය චීනයට බදු දීම ගැන ජනපති අප්‍රසාදය හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත 25 November 2019
ජර්මනියේ කෞතුකාගාරයකින් දියමන්ති කට්ටල 3 ක් සොරාගෙන ජර්මනියේ නැගෙනහිර ඩ්‍රෙස්ඩන් ග්‍රීන් වෝල්ට් කෞතුකාගාරයෙන් ඉහළ වටිනාකමකින් යුත් දියමන්ති ස්වර්ණාභරණ කට්ටල තුනක් සොරකම් කර ඇතැයි වාර්තා වේ. 25 November 2019
ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයේ පළමු තැන ලංකාවට ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා සමත්වී ඇත. 25 November 2019
‘මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නැවත විමසා බලනවා’ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය. 25 November 2019
බොරැල්ල - කොටුව වාහන තදබදයක් බොරැල්ල සිට කොළඹ කොටුව දෙසට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී. 25 November 2019
විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර නව ගැසට් පත්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය. 25 November 2019
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ගැන වාර්තාවක් ඉල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වා මහතා කිසිදු අනුමැතියකින් තොරව බිරිද හා දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පලා යාම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (25) පැවසීය. 25 November 2019
මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් උතුරේදී සැමරීමට සූදානම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බව උතුරේ ආරක්ෂක අංශ අවධාරණය කරයි. 25 November 2019
පැෆරල් නව නීති හදයි ජනාධිපතිවරණවල දී අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා නීති ගෙන ඒමට යෝජනා සහිත කෙටුම්පතක් සකසා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය කියයි. 25 November 2019
සරත් විජේසූරියට එරෙහි නඩුවට දෙසැ. 30 පෙර විරෝධතා ගොනු කරන්නැයි නියෝග අධිකරණයට අපහාස කරන ලදැයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් 30 වැනි දින හෝ ඊට පෙර විරෝධතා ගොනු කරන්නැයි ඒ මහතාට අභියාචනාධිකරණය අද (25) නියෝග කළේය. 25 November 2019
එස්. බී ගේ ආරක්ෂක නිලධාරියකුට ඇප ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය. 25 November 2019
මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලබන මස 20 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. 25 November 2019
රජයේ සේවකයින් එෆ්සීඅයිඩී යාම වළක්වන්න විශේෂ පනතක් රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන එන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 25 November 2019
සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් තනතුරට වෛද්‍ය පාදෙණිය පත් කරන්න යයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නම නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 25 November 2019
සීඅයිඩීයේ නිලධාරීන් 704 කට රට යන්න වැට බඳියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන් 704 දෙනෙකු විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය අද(25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ. 25 November 2019
රුවන්වැලිසෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීම අද අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 6.00ට පමණ සිදුකෙරේ. 25 November 2019
දකුණේ තෝරගත් පාසල්වල සිසුන්ට නොමිලේ පාසල් උපකරණ දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල්වල සියලුම සිසුන්ට ලබන ජනවාරි මාසයේදී නොමිලේ පාසල් උපකරණ ලබාදීමට සැලසුම් කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2019
නොර්වුඩ්හි ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශයි හැටන්, නොර්වුඩ් නගරයේ ප්‍රධාන වීදියේ වෙළඳසැල් පේලියක අද (25) අලුයම හටගත් ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශ වී ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. 25 November 2019
දිනේෂ් ගුණවර්ධනට චීන විදේශ ඇමැතිගෙන් සුබ පැතුම් නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා සුබ පැතුම් එක්කර ඇත. 25 November 2019
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්යයි නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 24 November 2019
මැතිවරණ නීති උල්ලංඝණය කළ රාජ්‍ය ආයතන 6කට නීතිමය පියවර ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ රාජ්‍ය ආයතන 6කට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. 24 November 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026