IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

විනීතා එම් ගමගේ

දෙවන පාසල් වාරය මැයි 11දින ආරම්භ කිරීම⁣ට රජය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියයි.

මීට පෙර රජය තීරණය කර තිබුණේ අප්‍රෙල් 20 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමටය. 

කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා  දින නියමයක් නැතිව  වසා දැමුණු  පාසල් පද්ධතිය ආරම්භ කිරීම මැයි 11 ආරම්භ කිරීමට තීරණය වී තිබේ.



අදහස් (8)

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

මුණසිංහ Saturday, 11 April 2020 04:35 PM

නමුත් මේ තීරණය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ඇත්තේ මහජනතාව අතේ. තව දුරටත් හැංගිමුත්තන් කළොත් රටම බරපතල විදියට අනතුරේ.

:       0       52

chandana Saturday, 11 April 2020 05:27 PM

තවම කල් වැඩියි මෙම තීරණය ගන්න. අඩුම තරමින් අප්‍රේල් 25 පසුවවත්(හරිනම් දින 21 ක් -18 වෙනිදා) අලුතින් රෝගීන් හමු නොවුනොත් ගැටළුවක් නැහැ. නමුත් පාස්කු ප්‍රහාරයේදී වගේ දේශපාලන උවමනා මත බොරු බිල්ලෝ මවාපාන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවන්ගේ ආරක්ෂාව තමා වැදගත්. මේනම් චන්දය ඉක්මනින් තියන්න තියෙන උවමනාවට කරන වැඩක්.

:       185       304

සමන්ත Saturday, 11 April 2020 05:58 PM

ඡන්දය නම් මොකක්ද අර දකුණු කොරියාවේත් කොරෝනා වසංගතයත් එක්කම පවත්වන්නේ.... හැමදේටම ඡන්දය ගාන්න එපා.

:       237       83

SamanSunday, 12 April 2020 04:44 AM

බහුබූතයෝ. හැමදේටම දේශපාලනය ඇදගන්නවා.ජන්ද භීතිකාව.

:       192       91

සෙන්දේ Sunday, 12 April 2020 05:04 AM

දකුණු කොරියාවේ කොරෝනා දෙවෙනි වටය පටන් අරන් කියලා දැක්කේ නැද්ද?

:       0       0

AsankaSunday, 12 April 2020 05:48 AM

හලෝ... දකුණු කොරියාව ළිදේ වැටෙනකොට අපිත් පනින්න ඔනද?

:       0       0

vipula Saturday, 11 April 2020 06:13 PM

20 වැනිදා තිබුණු දවස කල්දැමීමක් විතරයි. හැබැයි මුලින්ම ඇදිරි නීතිය නැතිව ආයතන නිවාඩු දීලා දවස් දෙකක් විතර ගියාම ආයතන පටන් ගත්තා නම් හොදයි..

:       88       43

Deepal Nirosh Sunday, 12 April 2020 05:36 AM

හැකි විගසින් පාසල් අරඹීම සතුටට කරුණක්. හැබැයි ප්‍ර‍ථමයෙන් ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ඉවත් විය යුතුයි. ඉන් දින කිහිපයක් පරීක්ෂාවෙන් සිට කාර්යාල හා ප්‍ර‍වාහන සේවා යථා පරිදි ඇරඹීමට හැකි විය යුතුයි. ඉනුත් සුමානයකට පමණ පසුවයි පාසල් නැවත ඇරඹිය යුත්තේ. පළමුව ආරක්ෂාව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site