(ජේ.කේ.එල් චාමින්ද)
රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවි කළ ගාල්ල කරාපිටියේ ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක් අද (11) වැටලීමට ලක්කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පි.ආර්.කේ.එස් බණ්ඩාර මහතා පැවසීය.
වැඩිමිලට සහල් අලෙවිකරන බවට පාරිභෝගික කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ හා කොළඹ කාර්යාලයේ නිලධාරීන් එක්ව අද (11 ) දින මෙම සුපිරි වෙළඳසැල පරීක්ෂාවකට ලක්කළ බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීවරයෙකු සඳහන් කළේය.
ඔහු මෙම වැටලීම පිළිබද අදහස් දක්වමින් මෙසේද කීවේය
‘‘රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියමකොට තියෙනවා. කිරි සම්බා සහල් කිලෝවක් අලෙවි කළහැකි උපරිම සිල්ලර මිල රුපියල් 125යි. නමුත් මෙම වෙළද සැළේ කිර සම්බා සහල් කිලෝවක් රුපියල් 155ට අලෙවිකොට තිබුණා. රුතු කැකුළු කිලෝවක් අලෙවිකළහැකි උපරිම සිල්ලර මිල රුපියල් 85යි. නමුත් මෙම වෙළදසැළේ රතු කැකුළු කිලෝවක් අලෙවිකොට තිබුණේ රුපියල් 106කට.
එමෙන්ම කල්ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීමත් සිදුකොට තිබුණා. ඉදිරියේ මෙම වෙළඳසැල් හිමියාට විරුද්ධ නඩුපවරන බවද හෙතෙම පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැඩිමිලට සහල් විකුණූ ගාල්ලේ වෙළඳ සැලක් වටලයි
jayath Sunday, 12 April 2020 03:04 AM
අතීත විජිතපුරයට සම්බන්ධ එකක්ද ?