ඉතා ඉක්මනින් රට විවෘත කළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ විරෝධය පළ කර ඇත.
ඉතාම ඉක්මනින් රට නැවත විවෘත කරන බවත් ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
රට ඉතා ඉක්මනින් නැවත විවෘත කර ආර්ථික කටයුතු ආරම්භ කළ යුතු බවට වන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ දැඩි විරෝධය සහ අකැමැත්ත පළ කර ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස රට නැවත විවෘත කිරීමට උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන මොහොතකය.
"තවත් බොහෝ කාලයක් යනතෙක් කොවිඩ්-19 වයිරසය මනුෂ්‍ය වර්ගයා ලුහුබඳීවී. දඩයම් කරාවි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙක් අනතුරු ඇඟවීය.
ඉරිදා දහවල් වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 530,000 ඉක්මවා ගොස් තිබිණි . එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 21,000කට ආසන්න විය.
ද ගාඩියන්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් කියන්නේ එන්ටර්ටේනර් කෙනෙක්, ඒ නිසයි හිටපු ගමන් පිස්සු අදහස් ප්‍රකාශ කරන්නේ, ඒවා ඔක්කොම පබ්ලිසිටි ස්ටන්ට් ප්‍රචාරය උදෙසා කරන වැඩ...
ටයිම් ටු සේ ගුඩ් බායි...!!!
හතර වසරේ දඩබ්බර දරුවෙක්!
අනිකාට හෙන ගැහුණත් කමක් නැත. මම විතරක් හොඳින් හිටියහම ඇති කියන නිගමනයන්ගේ පිහිටි මෙවැනි අයවලුන් ලෝක නායකයින් යයි හිතන අනික් අයගේ වරද... ලොව ශිෂ්ඨ සම්පන්න සියලුදෙනා දැඩි ලෙස පිළිකුලට ලක් කල යුතු පුද්ගලයෙක්.
ලංකාවේ තීරණ ගන්න තැන ඉන්න ඇමරිකන් පුරවැසියෝ දෙන්නයි ඩොනල්ඩ් ට්‍රම්පුයි වැඩ කරන්නේ කතා කරගෙන නිවුන්නු වගේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති ඇති ඉක්මනට MCC එක අත්සන් කරන්න එහෙ චන්දෙට ඉස්සෙල්ල. මෙහෙ චන්දෙන් පස්සේ අත්සන් කරන්න පොරොන්දුවක් දීල තියෙනව කියල කිව්වේ ඇමරිකාව පැත්තෙන්මයි. දැන් ඒක කරන්න විදිහක් නැහැ... ලංකාවේ ජනාධිපතිට බලය නැති නිසා. තිබ්බ නම් කොරෝනා පිටින් දාල ආර්ථිකය වැටිලා කියල ඕක අත්සන් කරනවා. එහෙම බැරි හින්ද ඉක්මනට චන්දෙ තියවල 2/3 අරගෙන, පාර්ලිමේන්තුව බ්ලැක්මේල් කරලා 19 අහෝසි කරගෙන, ජනාධිපතිට බලතල අරගෙන මේක අත්සන කරව ගන්න උවමනාව ට්‍රම්ප්ට තියෙනවද දන්නේ නැහැ නේද?
ලෝකයටම පහළ වුන පිළිලයක්.බැරැක් ඔබාමා කොතරම් ගුණ ගරුක මිනිසෙක්ද ?