IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරඑළියේ මල් වගාකරුවෝ කබලෙන් ලිපට

 

(ශාන්ත චන්ද්‍රසිරි)
 
රට තුල මතුව ඇති වාතාවරණය හේතුවෙන් මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල් වගාකරුවෝ අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.
 
මල් අලෙවි  කිරීමෙන් තම දෛනික ජීවිතය රැගෙන ගිය  නුවරඑලිය දිස්ත්‍රික්කයේ 1500 කට  අධික මල්වගාකරුවන් පිරිසක් කිසිඳු  ආදායමක් නොමැතිව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බවත්, මල්වගාබිම්  තුලම මල් පිපී විනාශව යමින් පවතින බව නුවරඑළියේ මල් වගාකරුවෝ පවසති.
 
නුවරඑළිය වසන්ත උත්සව සමය මුල්කර ගනිමින් නුවරඑළියේ මල් වගා කිරීම බහුලව සිදු කරනු ලබව බවත්, මෙවරද එසේ  විශාල පිරිසක් විවිධ මල් වර්ගයන්වගා කොට ඇති බවද, එම මල්වලින්  කිසිඳු  ප්‍රයෝජනයක් නොගෙන විනාශව යාමට අතහැර  දමා සිටින බවද ඔවුහු කියති.
 
රටේ පවතින තත්ත්වය අනුව මල් වලින් කිසිඳු  සැරසිලි හෝ උත්සවයන් නොපැවෙත්වෙන බැවින් තමන්ට සත පහක ආදායමක් නොමැතිව කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇතැයිද මල්වගාකරුවෝ සඳහන්  කරති.
 
එළවළු, පළතුරු වැනි  වෙනත් කෘෂි භෝග කුමන  හෝ මිළකට අලෙවි කර ගැනීමට එම ගොවීන්ට හැකියාවක් ඇති බවත්, එහෙත් මල්වගා කරුවන්ට එවැනි තත්ත්වයක් නොමැති කම හේතුවෙන් දැඩි අසරණභාවයට මෙන්ම විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බවද  මල් වගාකරුවෝ පවසති.
 
බැංකු ණය ලබා ගෙන හා කණකර රන් ආභරණය උකස් තබා මල් වගාවේ නිරතව සිටින තමන්ගේ ජීවිත මේවනවිට දැඩි අවධානමට ලක්ව ඇති බවත්, මේ සම්බන්ධයෙන් රජයේ වගකියයුතු අංශයන්ගේ අවධානම කඩිනමින් යොමු කොට දැඩි අසරණ තත්ත්වයට ඇද වැටී සිටින තමන් පිළිබඳව අවධානය යොමු  කරන ලෙස නුවරඑළියේ මල්වගාකරුවෝ වැඩි දුරටත් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව කරන ලද විමසීමේදි මධ්‍යම පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන නිමල් පියතිස්ස මහතා මෙසේ කීය
 
“මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන් 1500 කට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිනවා. රට තුල මල් උපයෝගි කරගනිමින් සිදු කරන කිසිඳු  උත්සවයක් නොපැවැත්වෙන නිසා ඔවුන්ට මල් අලෙවි කර ගැනීමට අවස්ථාවක් නැහැ. නුවරඑළිය තුල මල් සමිති හතරක් පමණ තිබෙනවා. එම සමිතිවල මල්වගාකරුවන්ටත් එම තත්ත්වයම උදාවෙලා.
 
නුවරඑළියේ  වාර්ෂික වසන්ත උත්සවය මුල්කර ගනිමින් තමයි නුවරඑළියේ මල්වගා කරුවන් වැඩි වශයෙන් මල් වගාවේ නිරතව සිටින්නේ. එහෙත් මේවනවිට සියයට සියක්ම ඔවුන්ගේ මල් අලෙවියක් සිදු වන්නේ නැහැ. මේ වනවිට මල් පිපිලා නුවරඑළිය ලස්සන වෙලා තියෙනවා. එහෙත් මල්වගාකරුවන්ගේ ජීවිත අවලස්න වෙලා තිබෙනවා” යයි කීය.



අදහස් (4)

නුවරඑළියේ මල් වගාකරුවෝ කබලෙන් ලිපට

Walter White Sunday, 12 April 2020 12:14 PM

දුෂ්කර අඅවස්ථාවක් ආවහම එයට විසඳුම් සෙවීම නිසයි මනුෂ්‍යයන් දියුණු වෙන්නේ ධනවත් වෙන්නේ, මල් වගාව අමාරු තත්වයක වැටිලා තමයි. නමුත් එකට විසඳුමක් කල්පනා කරලා හොයන්න. මල් වේලලා සුබ පැතුම් පත් හදන්න. වේලපු මල් කොළ ගැළපෙන ලස්සන කාඩ්බෝඩ් එකක අලවලා රාමු කරලා අලංකරණයට යොදාගන්නවා. මම දැකලා තියෙනවා. තෙල් හිදින්න උත්සාහ කරන්න පුළුව. තව කරන්න පුළුවන් නොයෙක් දේවල් ඇති. හොයා බලන්න.

:       277       328

DhammikaMonday, 13 April 2020 06:16 AM

බත් ද කන්නේ වෙන මොනවාහරිද?

:       1       0

nimal Sunday, 12 April 2020 10:30 PM

මල් වගාකරුවෝ ගැන කණගාටුයි. ඒ වගේම අප්‍රේල් මාසෙ පඩිය ගෙවපු නැති සමහර අර්ධ රාජ්‍ය ආයතන තියෙනවා. මේවගේ ඉන්න සාමාන්‍ය සේවකයාගේ පඩිය හරිම අඩුයි. ඒකත් ගෙවලා නැහැ. කවුද මේ අය ගැන කතා කරන්නේ? හැමවිටම පඩිය ගැන කතා කරන්නේ රාජ්‍ය සේවකයා ගැන විතරයි. රජයේ අයගේ වැටුප 10000 න් වැඩි කරන කොට අර්ධ රාජ්‍ය සේවකයාගේ පඩිය වැඩි කළාද? කීයකින්ද? හොයලා බැලුවොත් දුක හිතෙනවා. මේ අයත් මෙම රටේම ඉන්න මිනිසුන්.

:       0       0

Noah Yoo Monday, 13 April 2020 01:41 AM

ඒකට ඉතින් මොනවා කරන්නද? වෙන වගාවක් කරන්න. රජය ප්‍රශ්නයක් නෙමෙයි. ඔබලාගේ අවාසනාව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31574 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13930 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site