විනීතා එම් ගමගේ
දවසේ විසිහතර පැය පුරාම ක්‍රියාත්මක ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත ඉකුත් 25 වැනිදා සිට මේ දක්වා මහජන ගැටලු 30,000 කට ආසන්නන ප්‍රමාණයක් ලැබී ඇතැයි ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවැසීය.
එකී ගැටලු වලින් 28000 කට පමණ එම ඒකකය මගින්ම අදාල නිලධාරින් වෙත යොමුකර විසඳුම් ලබාදුන් බවත් ඉතිරි ගැටලු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය වන ඒවා බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමුකල බවත් හෙතෙම කියා සිටියේය .
දුරකතන ක්‍රියාකරුවන් 50 දෙනෙකු ගෙන් යුත් මෙම ඒකකය ඉකුත් මාර්තු 25 වැනිදා සිට දිවා රාත්‍රී දවසේ පැය 24ම විවෘතව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද දෙයක් ජනපතිතුමා. මේවා තමා වෙන්න ඕන වැඩ.
ජනපතිතුමනි, ඔය රජයේ නිලධාරීන් ගැනනම් විශ්වාසයක් තබන්න එපා. ඒ අය අල්ලස් ගන්නේ නැතුව හරියට වැඩ ටික කරානම්මේ රට මෙහෙම දුප්පත් වෙන්නේ නෑ. නිදහසෙන් පස්සේ පසුගිය දශක 50 රට විනාශ කළේ දේශපාලකයන් පමණක් නොවේ නිලධාරීන්, පෙරකදෝරුවන් ඇතුළු අනිත් පිරිසත් මේකට වග කියන්න ඕන. ඔය නිලධාරීන් ඔය ප්‍රශ්න 28000 වැඩිම වුනොත් ප්‍රශ්න 5000 විසදාවී. අනිත් ඔක්කොම යන්නේ කුණු බක්කියට.