කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.
සඳුදා වනවිට ඉතාලියෙන් මරණ 566 ක් වාර්තා වූ අතර එය ඉරිදා දිනයේදී වාර්තා වූ මරණ ගණනට වඩා 135ක වැඩිවීමකි.
සඳුදා උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 20,645ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
සඳුදා වාර්තා වූ මරණවලින් හරි අඩක් වාර්තා වූයේ උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයෙනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 159,516කි.
ද ගාඩියන්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණුය කියල හිතාගෙන හිටපු රටවල් අසරණ වෙච්ච තරම් පේනවා නේද ? යම් අඩු පාඩු තිබුනත් අපේ ක්‍රමය හොඳ හින්දා තමයි අපි මේ ගානින්වත් ඉන්නේ. හැබැයි දැන් දැන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්තර ඉස්සරහට දමාගත්ත ඇතැම් වෘත්තීය සමිති යයි කියාගන්න පිරිස් මාද්‍ය සංදර්ශන පවත්වනවා. මේ හාදයෝ කියන්නේ මොනවද කියලා ඒ අයවත් දන්නේ නැහැ. එක්කෙනෙක් ඇවිත් කියෙව්වා රජය වයිරස් විශේෂයන්ගේ අදහස් ගන්නේ නැහැ කියලා. මේ රටේ ඉන්න සම්භාවනීය වෛද්‍යවරු දෙපළක් වන දොස්තර ලක්කුමාර් ප්‍රනාන්දෝ ගේත් දොස්තර ආනන්ද විජේවික්‍රගේත් නම් කි මේ දෙන්නා වෛරස් විශේෂඥයින් නෙමේ. පිලිවෙලින් ළමා රෝග සහ කායික විශේෂඥවරු ඩෙංගු රෝගීන් සම්බන්ධ ප්‍රතිකාර වලදී සහ කෙරීගෙන යන පරීක්ෂණ වලදී මේ දෙපලගේ දායකත්වය අමිලයි. එහෙම දෙයක් වත් නොදැන එක්කෝ ඕන කමින් අමතක කරලා බොරුවට පොර ටෝක් දෙනවා.
වුහන් හා ලොම්බර්දිය ප්‍රාන්ත දෙකම වෙළද ආර්ථිකයට ඉහළින පවතින ප්‍රදේශයි.
පව් අහිංසක මිනිසුන්....