ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
(මීට පෙර තත්වය)
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 214 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද තවත් කොරෝනා ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොරෝනා ගැන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා නේද? මේ තුප්පහි ආණ්ඩුව ඡන්ද තියන්න වුවමනාවට ඒ වසන්ගතේ හිතලාම අමතක කරවනවා මිනිස්සුන්ට.
ඇඳිරි නීතිය දැම්මට කොරෝනා නැති කරන්න බෑ. මිනිස්සු බඩගින්නේ මැරෙන එක විතරයි වෙන්නේ...
කොරෝනා තුරන් කළා කියල ආණ්ඩුවට කියන්න පුළුවන් වෙන්න නම්, මිනිස්සුන්ට ස්වකැමැත්තෙන් ඇවිත් කොරෝනා ස්වාබ් පරීක්ෂණයට ඉන්න පුලුහන් විදිහට පරික්ෂන ස්ථාන රටපුරා පිහිටුවන්න ඕනේ. සොයාගත් වැඩිම ආසාදිතයන් ඉන්නේ කොළොඹ කියල කියන නිසා කොළොඹ දිස්ත්‍රික්කයෙන් පටන් ගන්න පුළුවන්. වයිරස් රෝගී ලක්ෂණ පෙන්වන අය පළමුවත් නැති අය දෙවනුවත් ස්වේච්චාවෙන් ඇවිල්ල ස්වාබ් පරීක්ෂණයට පෙනී ඉන්න කියන්න පුළුවන්. පොලිසිය, හමුදාව ගිහින් අල්ලන් එන්න ඕනේ නැහැ. අර ලේ අරන් මිනිත්තු 15කින් ප්‍රතිඵල පෙන්වන පරීක්ෂණය කරන්නේ කොරෝනා තියෙනවද බලන්න නෙමෙයි කොරෝනා හැදිලා තිබිල ඊට එරෙහිව සටන් කරන්න ශරීරය තුල ප්‍රතිදේහ හැදිලාද බලන්න. කොරෝනා කියන්නේ "ගහල දුවන" වර්ගයේ වෛරසයක්. එක්කෙනෙකුට ගහලා ඊළඟට දුවනව තව කෙනෙක්ට ගහන්න. පහර සැරයි. දුර්වලයන් වැටෙනවා. ප්‍රතිශක්තිය ඇති හෝ බෝනොවෙන්න ප්‍රතිකර්ම කල අයට දැනෙන්නේ නැහැ. ඒ හින්ද ස්වාබ් පරීක්ෂණය කරලා රෝගීන් හඳුනා ගෙන වෙන් කරන්න ඕනේ. උදා: විදිහට උණ, වියලි කැස්ස, ඇඟ රිදීම සියලු වර්ගයේ වයිරස් රෝග වල මූලික ලක්ෂණ. කොරෝන වයිරසය නම්, ටික දවසකින් හුස්ම ගන්න බැරි තැනට වැඩිවෙනවා. ඒ හින්ද කලින්ම පරික්ෂන කලයුතුයි..
මේ යන විදියට නම් 11 වෙනිදා පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කරන්න බැරි වෙයිද?
කරුණාකර නිවසේම රැඳී සිටින්න.