විශ්වාසභංගයට ටීඑන්ඒ එරෙහිවීම ගැන සම්බන්ධන් කියයි දෙමළ ජනතාවට කෲර අන්දමින් සැළකූ පාලනයක් ගෙනගිය විනාශකරී ඒකාධිපති පාලනයකට නැවතත් ඉඩ තැබිය නොහැකි හෙයින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 15 July 2019
සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. 15 July 2019
තඹ කම්හලේ සිද්ධියේ සැකකරු 29 තෙක් රිමාන්ඩ් වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 29 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 15 July 2019
පොහොට්ටුවේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 දා එළිදකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) පැවසීය. 15 July 2019
‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණයි’ ඊළඟ වසර දෙක ඇතුළත ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) යාපනයේ දී පැවසීය. 15 July 2019
තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය. 15 July 2019
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුමේ තීන්දු නියෝගය බදාදා ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ පැමිණිල්ලේ තීන්දු නියෝගය ජුලි 17 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය. 15 July 2019
2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් ලබන 2020 වසරෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීපය‘ට පැවැසීය. 14 July 2019
ජනපති - මැකෝ පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. 14 July 2019
වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අනිද්දා මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (16) රාත්‍රියේ ලාංකිකයන්ට දැකබලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 14 July 2019
‘බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි ’ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කින්නයාහිදී අද(14) පැවසීය. 14 July 2019
ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවෙන් නව නීති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව එළඹෙන අගෝස්තු මාසයේදී පළමුවැනි පාර්ලිමේන්තු සතියේදී නව නීති විශාල ප්‍රමාණයක් සහිත සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පැවසීය. 14 July 2019
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ, අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 3 කට දීර්ඝ කර ඇත 14 July 2019
මොළේ උණ රෝගයකින් මළ අයෙකු අදම භූමිදාන කිරීමට නියෝග මෙනින්ජියෝ කොකල් මෙනින්ජයිටිස් (Meningio cocoal Meningities) නමැති මොළයේ උණ රෝගයෙන් මිය ගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණය කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය, මළ සිරුර අද(14) දින ම බොරැල්ල සුසාන භූමියේ දී භූමිදානය කරන්නැයි පොලිසියට නියෝග කළාය. 14 July 2019
රන්ජන් රාමනායක මහා සංඝරත්නයෙන් සමාව ගත යුතුයි සංඝයා වහන්සේලාට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 14 July 2019
ලක්ෂ 88 ක රට නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මාලිගාවත්ත පොලිස් මාර්ග බාධකයේ දී සැකසහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 88 ක් පමණ වටිනා විදෙස් මුදල් නෝට්ටු තොගයක් සොයා ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 14 July 2019
සජිත්ට පක්ෂයේ ඉඩක් නැති බව රවී කියයි පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක්. අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා යැයි විදුලිබල හා පුනර්ජීව බලශක්ති අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවසීය. 14 July 2019
‘එජාපයේ ජනප්‍රියම පුද්ගලයා ජනපති අපේක්ෂකයා විය යුතුයි’ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය යුත්තේ බිම් මට්ටමේ ශාඛාවල සාමාජිකයින් යෝජනා කරන, පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද(14) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පාක්ෂිකයින් පිරිසක් අමතමින් පැවසීය. 14 July 2019
‘මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා’ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) ඇඹිලිපිටියේ දී පැවසීය. 14 July 2019
කැබ් රථයක් පෙරළී සෙබළෙක් මරුට - 7කට තුවාල මුල්ලියාවේලි කේපාපිලව් කඳවුරුට අයත් කැබ් රථයක් අද(14) පෙරළීමෙන් සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 14 July 2019
ප්‍රහාරයක් වන බව පැවසූ අයෙක් අත්අඩංගුවට කොළඹට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි දුරකථන අංකය(119) ට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු අද (14) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 14 July 2019
බෙලිඅත්තේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැගව සිටි අයෙකු නිවෙසියෙකුට අද (14) අලුයම වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. 14 July 2019
හැටන් කාන්තා සම්මේලනයේ මුලසුන ජලනි ප්‍රේමදාසට ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී පැවැත්විය. 13 July 2019
බොරලැස්ගමුවේ මත් සාදයක් වටලයි බොරලැස්ගමුව අබේරත්න මාවතේ රතනාරාම පාරේ නිවසක් තුළ මත් සාදයක් පැවැත් වූ තරුණ තරුණියන් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත්බව බොරලැස්ගමුව පොලීසිය කියයි. 13 July 2019
බිළිඳා වළ දමා මියගිය කාන්තාව ගැන විමර්ශනයකට නියෝගයක් අලුත උපන් බිළිඳා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා අද (13) හැටන් පොලිසියට නියෝග කළේය. 13 July 2019
මුහුදු රළට හසුවී දැරියක් මරුට හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් විනෝදවෙමින් සිටි මවක හා දරු තිදෙනෙකු මුහුදට ගසා ගෙන ගියත් ඉන් දරු දෙදෙනෙකු හා මවගේ ජීවිතය බේරා ගත හැකිවූ අතර ඔවුන් අතර සිටි සිඟිති දැරියක් මුහුදෙහි ගිලි මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 13 July 2019
බිළිඳා ඝාතනය කළැයි සැකපිට මව අත්අඩංගුවට උපන් හැටියේ බිළිඳෙකුගේ මුව වසා ශ්වසනය අවහිර කර ඝාතනය කළේ යැයි සැකපිට එම බිළිදාගේ මව බදුල්ල පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2019
දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (12) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 13 July 2019
බදියුදීන්ට ඇමතිධූරය දෙනවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය. 12 July 2019
සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී අද (12) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 12 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026