පාවෙන අවි ගබඩා සිද්ධියට ලොක්කන් දෙදෙනෙක් 19ට පෙර අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලබන 19 වැනිදාට පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (17) උපදෙස් ලබාදුන්නේය. 17 July 2019
රංජන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය පි.හැරිසන් මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය. 17 July 2019
දකුණු අධිවේගයේ කහතුඩුව පිවිසුම තාවකාලිකව වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ. 17 July 2019
‘පොහොට්ටුවේ පදයට නටන්න අපි සූදානම් නෑ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 July 2019
දුම්රිය සේවකයෝ විරෝධතාවක ආදේශක, අනියම්, තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් පිරිස ස්ථිර කරන ලෙස ඉල්ලා දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණෙහි සාමාජිකවරු අද(17) කොම්පඤ්ඤවීදිය දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 17 July 2019
රත්ගම සිද්ධියේ සැකකරුවන්ගේ ඇප අයැදුම්පත් 22 දාට කල්යයි රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 17 දෙනා ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස්. නිස්සංක මහතා හමුවේ අද (17) සළකා බැලීමට ගත් අවස්ථාවේ රජයේ නිතිඥවරිය පැමිණ නොසිටීමෙන් 22 දා දක්වා කල් තැබීය. 17 July 2019
‘කුණු කන්ටේනර් ගේන්න මග පෑදූ ගැසට්ටුව අහෝසි කරන්න’ මහත් ආන්දෝලනයට ලක්ව ඇති කුණු කන්ටේනර් ගෙන ඒම සඳහා මග පෑදූ 2013- -7-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසත්, ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රට හමුවේ අනාවරණය කර ඔවුන්ට දඩුවම් දෙන ලෙසත්, සමස්ත ලංකා රේගු සේවා සංගමයට ඉල්ලා සිටී. 17 July 2019
මාවනැල්ල ප්‍රා. සබේ ගාලගෝට්ටියක් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අතර උද්ගත වූ උණුසුම් තත්වයක් හේතුවෙන් අද(17) එහි විශේෂ සභා කටයුතු පැය භාගයකට සීමා කිරීමට සභාපති එක්සත් ජාතික පක්ෂයේ අනුර චන්දන ජයවන්දල මහතා කටයුතු කළේය. 17 July 2019
කංජිපානි ගැන කරුණු දක්වන්න සීසීඩීයට 19දා උසාවි එන්නැයි නොතීසි රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද (17) නොතීසි නිකුත් කළා ය. 17 July 2019
බේකරි නිෂ්පාදන මිල එලෙසම බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකිරිමට සංගමය තීරණය කළ බවද සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 17 July 2019
රවීන්ද්‍ර විජේගුණවර්ධනගේ නඩුව ඔක්තෝබර් 9ට කල්යයි පුද්ගලයන් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියකට වරෙන්තු ලැබ සිටි නේවි සම්පත් නැමැත්තාට රටින් පලායාමට සහ සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළ සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 9 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(17) නියෝග කළේය. 17 July 2019
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 July 2019
දරුවන් 10ගෙන් එක් අයෙකුට මරණාසන්න රෝගවලට දෙන එන්නත් ලැබී නෑ දරුවන් දස දෙනකුගෙන් එක් දරුවකුට වැඩි සංඛ්‍යාවක් නැතහොත් ලොව පුරා සිටින දරුවන්ගෙන් මිලියන 20කට පසුගිය වසරේදී මරණාසන්න රෝගවලට එරෙහිව ලබාදෙන එන්නත් ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 16 July 2019
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු තිරිගු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිලද ඉදිරියේදී ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 16 July 2019
අරුවක්කාලු රඳවනයට කසළ ගෙනයාම ඇරඹේ අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල කසළ රඳවනය වෙත කසළ ගෙනයාමේ කටයුතු අද (16) ආරම්භ කළ බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 16 July 2019
ඩෙටනේටර් - සේවා නූල් සිද්ධියට සරසවි සිසුවා ඇතුළු 5 දෙනා රඳවා ප්‍රශ්න කරයි පිළියන්දල ප්‍රදේශයේ නිවාස දෙකකින් විද්‍යුත් ඩෙටනේටර් හා සේවා නුල් තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සරසවි සිසුවා ඇතුළු පුද්ගලයන් පස්දෙනාගෙන් පැය 72 කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කරන බව පිළියන්දල පොලිසිය පවසයි. 16 July 2019
‘‘ජනපති - සජිත් අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් නෙවෙයි‘‘ ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් යැයි තමා නොසිතන බවත් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් ක්ෂේත්රයන් බාරදුන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇති වූ අගැයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇති වී ඇතැයි තමා සිතන බවත් ඩිලාන් පෙරේරා මහතා අද (16) බදුල්ලේදී පැවසීය. 16 July 2019
ඒඩ්ස් තුරන් කරන්න ගෝලීයව ගත් ක්‍රියාමාර්ග අඩපණ වෙමින් යයි එච්.අයි.වී. ආශ්රිත මරණ ගණන 770,000 ක් දක්වා අඩු වී ඇති නමුත් අරමුදල් නොලැබීම හේතුවෙන් රෝගය තුරන් කිරීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග අඩපණ වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 16 July 2019
තැපැල් වර්ජනය ඇරැඹෙයි ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද(16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. 16 July 2019
සූදු පිටියක් වැටලීමට ගිය පොලිසියේ දෙදෙනෙකුට තුවාල දොඩංගොඩ - බෝම්බුවල තිත්තවැල්ගොඩැල්ල ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය දොඩංගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 16 July 2019
රණවිරු බළකාය ගෝඨා ඉල්ලයි රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. 16 July 2019
‘ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට මැකෝත් උදව් කරනවා’ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශයෙන් වැටහෙන්නේ ජනාධිපතිවරණය කල්දැමීමේ රජයේ උවමනාවට ඔහුත් උදව් කරන බව යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පැවැසීය. 16 July 2019
ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සහ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පැවසීය. 16 July 2019
ඩෙටනේටර් 297 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල් 290 ක් සොයා ගත් බව පොලිසිය පැවැසීය. 15 July 2019
‘‘ගමේ මිනිස්සු ඉන්නේ සජිත් එක්ක‘” ආර්යාව භාර්යාව කතාවක් අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාලවලින් විනාශයක් කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ප්‍රශ්නයක් නොවන බවත් ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (15) බදුල්ලේදී පැවසීය. 15 July 2019
පොලිස් නිලධාරියෙකුට පහරදුන්නැයි යටිනුවර ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ් රථවාහන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තුසිත වලගෙදර මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා අද (15) නියෝග කළේය. 15 July 2019
‘‘උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි‘” ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ. 15 July 2019
විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය. 15 July 2019
පානදුර - උතුර ඕඅයිසීගේ වැඩ තහනම් ටී - 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 July 2019
කළුතර ප්‍රා. සබේ මන්ත්‍රී ඇතුළු 9 ක් අත්අඩංගුවට මොරොන්තුඩුව කුඩාගෝනදුවසහ තුඩුවප්රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කිරීම සහ කාන්තාවකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණ මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතා ඇතුළු නවදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. 15 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026