IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දියාව කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදි ඡායාරූප ගැනීම තහනම් කරයි

කොරෝනා  වයිරසය ව්‍යාප්තිය හමුවේ මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවන්ට වැට බැඳෙන තීන්දුවක් ගැනීමට ඉන්දියාවේ රාජාස්ථාන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන කල්රාජ් මිශ්‍රා තීරණය කර තිබේ.
 
ඒ අනුව රාජාස්ථාන් ප්‍රාන්තයේ කිසිවෙකුට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ප්‍රාන්තයේ අසරණ ජනාතාවට සලාක සහ බත් පාර්සල බෙදා දෙන අවස්ථා ඡායාරූපගත කිරීම තහනම් වනු ඇති.
 
මධ්‍යම රජය ලබා දෙන ආධාර හා උපකාර ලබා ගැනීමේ අයිතිය හා ප්‍රමුඛතාව දරිද්‍රතාවයෙන් පෙළෙන වැසියන්ට හිමි බව ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් පෙන්වා දී ඇත.
 
ඔවුන් වෙනුවෙන් ලබා දෙන, ආධාර උපකාර තම ප්‍රතිරූප ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථාව ලබා නොදීමට ඉහත තීරණය ගෙන ඇත.
දුප්පතුන් අතර ආහාර හා සලාක බෙදා හැරීම සේවාවක් ලෙස සිදුවිය යුත්තක් බවත් එය ප්‍රසිද්ධිය සඳහා සිදු කරන්නක් හෝ තරගකාරී ක්‍රියාවක් නොවිය යුතු බවත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අශෝක් ගෙලෝට් පවසා ඇත.
 
ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ දුප්පත් ජනතාවට උදව් කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන සහ අනෙකුත් සංවිධාන දිරිගැන්විය යුතුව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කටයුතුවලදී සමාජ දුරස්ථභාවය තබා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ.
 
අසරණව කුසගින්නේ සිටින පුද්ගලයෙකුට ආහාර මල්ලක් ලබා දී එය තම ප්‍රසිද්ධිය වෙනුවෙන් භාවිත කළ යුතු යැයි යමෙකුට සිතන්නේ, නම් එය කිසිසේත් ම මනුෂ්‍යත්වයට ගැළපෙන්නක් නොවේ.
 
නමුත් අපට එවන් ක්‍රියා මෙම සමාජයේ කොතෙකුත් දැක ගැනීමට හැකියි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඊයේ (15) වන විට රාජස්ථාන් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යව 3කි.
 
( 125)
 
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි



අදහස් (5)

ඉන්දියාව කොරෝනා නිසා අසරණ වූවන්ට උපකාර කිරීමේදි ඡායාරූප ගැනීම තහනම් කරයි

amila Thursday, 16 April 2020 11:41 AM

මේ වගේ දෙයක් ලංකාවේ කරන්නකෝ. සමහර චැනල් වලින් මේවගේ දේවල් හැමතැනම කරනවා. එකත් නවත්වල දාන්නකෝ.

:       0       202

කපුරු හාමි Thursday, 16 April 2020 12:10 PM

ඒකටත් එක්ක අපේ සමහර මාධ්‍ය. දේශපාලුවෝ පුම්බන එකයි . කඩේ යන එකයි වැඩ්පුරම කරන්නේ ?

:       0       0

විජිත් Thursday, 16 April 2020 12:10 PM

මේ "මහත්මයා" කොන්ද පන තියෙන ,ඒවගේම මිනිසත්බව ,සමානාත්මතාවය අගය කරන සැබෑ "දේශපාලකයෙක්" වෙන්න ඇති. අපේ රට ගැනනම් ඔයගොල්ලෝ දන්නවනේ. මට මේ ලඟදි මිතුරෙක් කීවා..." දුප්පත් පවුල්වලට සහන සැලසීම සඳහා දෙන ආහාර මලුවල සමහර " දේශපාලුවෝ " ( දේශපාලකයෝ නොවෙයි ) ඔවුන්ගේ පක්ෂයේ ලාංචනය සටහන් කරලාලු. දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දය හිගාකා. රජවරුන් බවට පත් මේ නරුම හිඟන්නන්ගෙන් තොර රටක් ගැන අපි අහන්නේ කවදාද...

:       0       0

යසස් Thursday, 16 April 2020 12:59 PM

දානයක් හෝ ආධාරයක් දිය යූත්තේ තමන්ව පුම්බා ගැනීමට නොවිය යුතුය.

:       0       0

Lakmal Thursday, 16 April 2020 01:17 PM

ඒකට ලංකාවේ. ටීවී එක දාන්න බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 420 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site