IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක්

කොවිඩ් 19 වයිරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක උප සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අයකර ගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දියත් කෙරෙන ජාතික ක්‍රියාන්විතය සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, වෛද්‍ය අනිල් ජාසිංහ සහ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡා කර මේවන විට සෞඛ්‍ය සේවා සහ සුව සේවා ක්ෂේත්‍රයේ සේවකයන් හට පවතින දැඩි අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය.
 
 මෙම සාකච්ඡාවලින් අනතුරුව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තම ජීවිත අවදානම නොතකා කටයුතු කරන කොවිඩ් 19 වෛරස තත්ත්වයට විශේෂඥ රෝහල්වල ඉදිරිපෙළ සේවයේ නිරත සියලු ම සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා වෛද්‍ය ඇඳුම් කට්ටල ලබා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තීරණය කළේය.
 
නියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි. මෙම කර්තව්‍යය සාර්ථක කිරීම සඳහා නොමඳ සහයෝගයක් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර සහයෝගිතාව සඳහා අවශ්‍ය පහසුකම් සැපයුහ.
 
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් අමුද්‍රව්‍ය මිලදී ගෙන වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් මසා නිම කිරීම සඳහා දායකත්වය ලබා දෙන බවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ප්‍රතිඥා ලබා දුන්නේය.



අදහස් (0)

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site