IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ විහාරාධිපති සංගමයෙන් ගම්පහ රෝහලට ද්‍රව්‍ය ප්‍රදානයක්

( තිලකරත්න දිසානායක.)

ගම්පහ විහාරාධිපති සංගමය විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වෛද්‍ය උපකරණ ඇතුළු  ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් සිදු කළේය.

මේ යටතේ නෙබියුලයිසර් , රෝහල් කාර්ය මණ්ඩල ඇදුම් කට්ටල , මේස , පුටු , කබඩ් , සායනික පුටු ඇතුළු ද්‍රව්‍ය තොගයක් අද (16) සවස මෙලෙස  ප්‍රදානය කෙරිණි. 

මෙහිදී සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක තෝරපිටියේ ආනන්ද නාහිමි අනුශාසනාවක් කරමින්, ගම්පහ  විහාරාධිපති සංගමය මගින් වාර්ෂිකව සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවාව යටතේ මෙවර රටේ පවතින තත්ත්වය හමුවේ සිදු සත්කාරයන් වෙනුවෙන්  රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට තීරණය කළ බවය.

ගම්පහ සුනන්දාරාමාධිපති තුමිමෝදර සමිතසෝම නාහිමි සදහන් කර සිටියේ මේ මොහොතේ ජීවිත බේරා ගැනීම පිනිස දෙවිවරුන්වන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඉටුකරනු  ලබන සේවාවේ වටිනාකම කියා නිමකළ නොහැකි තරම් බවයි. 

මෙම අවස්ථාවට තලංගල්ලේ සෝමසිරි , යක්කඩුවේ රාහුල යන නාහිමි වරුන් ඇතුළු හිමිවරුන් කිහිප නමක්ද, ගම්පහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම , වෛද්‍ය ( සැලසුම්) නිලංගී සුභසේකර , ගණකාධිකාරීනී නිරෝෂා වෙදආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  



අදහස් (2)

ගම්පහ විහාරාධිපති සංගමයෙන් ගම්පහ රෝහලට ද්‍රව්‍ය ප්‍රදානයක්

විමල් Friday, 17 April 2020 12:43 AM

බොහොම පින් සිදුවෙනවා හාමුදුරුවනේ... අධික ශබ්දයෙන් යුතුව පාවිච්චි කරන ලවුස් පීකර් වල ශබ්දයත් අඩු කරන්න. අහල පහල අයට කරදයක් හිරිහැරයක් නැති ආකාරයෙන් එව්වා ක්‍රියාත්මක කරන්න.

:       1       0

dilanSaturday, 18 April 2020 02:55 PM

අපි ඉන්න මීගමුවේ තියන කතෝලික පල්ලි පසුගිය පාස්කුවට මිනිස්සුන්ට පල්ලි එන්න බැරි නිසා ස්පිකර් ගමටම ඇහෙන්න ගස් බැදලා තියෙන්නේ, දවසට තුන් පාරක් විතර පට්ට කන්දොස් කිරියාවක් ඉවසගෙන හිටියේ පාස්කුවෙන් පස්සෙවත් නතර කරයිද කියලා. මොන, සුවාමිලාට ගානක් නැහැ, තාම දානවා. අගරදගුරුතුමනි කරුණාකර මේ කන්දොස් කිරියාවෙන් මීගමුවේ මිනිසුන් බේරා දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31590 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13955 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site