නුවරඑළිය - හැටන් මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි නුවරඑළිය- හැටන් මාර්ගයට කොටගල නගරය ආසන්නයේ දී ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය අද (19) එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙන බව පොලිසිය පවසයි. 19 July 2019
ධීවර යාත්‍රා 30ක ධීවරයින් 200ක් මුහුදේ අතරමං මසුන් මැරීමට මුහුදු ගිය ධිවරයින් 200ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි. 19 July 2019
කුරුවිට බන්ධනාගාර තාප්පයෙන් දුම්කොළ දැමූ තිදෙනෙක් අත්අඩංගුවට කුරුවිට බන්ධනාගාරයේ පිටුපස තාප්පයෙන් දුම්කොළ, කේරල ගංජා ඇතුළු නීතිවිරෝධී පාර්සලයක් දැමූ සැකකරුවන් තිදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සමත්වුහ. 19 July 2019
අතුරුදන්ව සිටි අනෙක් සිසුවියගේත් සිරුර හමුවෙයි ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වී අතුරුදන්ව සිටි අනෙක් පාසල් සිසුවියගේ ද සිරුර අද(19) සොයාගත් බව ආගරපතන පොලිසිය කියයි. 19 July 2019
‘ග්ලෝරී ටූ ගෝ‘ නෞකාව තවමත් ජංගල් බීච් මුහුදු තීරයේ ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටු ගෝ නමැති මෙම නෞකාව අද උදෑසන වනවිටත් ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිර වී තිබෙන අයුරු දැකිය හැකිය. 19 July 2019
තැපැල් වර්ජනය අවසන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හුවමාරුවේ සේවකයින් විසින් දින දෙකක් තිස්සේ (17 සහ 18) ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර අද (19) සිට සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට තීරණය කළ බව තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. 19 July 2019
පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝ: 4 දා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 19 July 2019
නිවසකට ඇතුළු වූ අලි පැටියෙක් නිසා කලබලයක් නිවෙස් හිමියා පිටුපස පන්නා ආ අලි පැටවෙකු නිවසේ පිටුපස දොරෙන් ඇතුල්වී විනාඩි පහළොවක් පමණ නිවස ඇතුළත දඟළමින් සිට ඉදිරිපස දොරෙන් පිටව ගිය සිදුවීමක් අද(19) උදෑසන හොරොව්පොතාන මරදන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය. 19 July 2019
ජල පහරට හසු වී අතුරුදන් වූ සිසුවියකගේ සිරුර සොයාගනී ආගරපතන පොලිස් වසමට අයත් ටොරිංටන් ප්‍රදේශයේදී සැඩ පහරකට හසු වී අතුරුදන්ව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රල්වත්ත ඔයේ තිබී අද (19) පස්වරුවේ සොයාගත් බව ආගරපතන පොලිසිය පැවසීය. 19 July 2019
තාක්ෂණයට පයින් ගසා වවාගෙන කෑම හොඳයි කියනවා නම් ඒක රට කන වැඩක් ‘තාක්ෂණය අවශ්‍ය නැහැ අපිට ගමේ වවාගෙන කාලා ඇති යනුවෙන් කවුරුන් හෝ කියනවා නම් එය රට කන අදහසක් මිස වෙන කිසිවක් නොවේ’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (18) පැවැසීය. 19 July 2019
කන්නියා දාගැබේ වැඩ දිසාපති අණින් නවතී ත්‍රිකුණාමලය, කන්නියා උණුවතුර ළිං පිහිටි පුරාවිද්‍යා භූමියේ ඇති පෞරාණික දාගැබ් සංරක්ෂණ කටයුතු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක් කඩාවැදීමෙන් ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් තාවකාලිකව නතර කරනු ලැබ ඇත. 19 July 2019
හිස්බුල්ලා සරසවියට සෞදි තහනම් සංවිධානයකින් කෝටි 1757 ක් මඩකළපුව පුනානි ප්‍රදේශයේ ඉදිකරගෙන යන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් යැයි කියන “බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම” නමැති විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1,757කට (ඇමරිකානු ඩොලර් මිලියන 100කට) අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට (18) ඊයේ දැනුම් දුන්නේය. 19 July 2019
මහනුවර කොට්ඨාස 5කට නාය යාමේ අනතුරු ඇඟවීම් මධ්‍යම කඳුකරයට ඊයේ 18 උදෑසන සිටම ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 19 July 2019
ගිනිගත්හේන වෙළඳසැල් 10ක් නායයයි - අයෙක් අතුරුදන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නාය ගොස් එක් වෙළඳසැල් සේවකයෙකු අතුරුදන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 19 July 2019
නාවික හමුදාව මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රා ත්‍රස්ථ සංවිධානයකටත් හවුල් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 10 සහ 11 යන දිනවලදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හා කලාපයේ ත්‍රස්ත සංවිධානයක් අතර සබඳතා පවතින බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 18 July 2019
අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටෙයි අලුත්ගම නගරය හරහා අද (18) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟින් අළුත්ගම දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ධාවනය වීම සඳහා නවතා තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටීමෙන් අළුත්ගම දුම්රිය ස්ථානය පසුකර ගාල්ල දෙසට ධාවනය වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාදවී ධාවනය කිරීමට සිදු වූ බව අළුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 July 2019
ලංකාවේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ලන්ඩනයේ ඩොලර් 200ක් ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ලන්ඩන් අවන්හලකට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත. 18 July 2019
පාන් යළිත් පෙර මිලටම රුපියල් 5 කින් ඉහළ දැමූ පාන් රාත්තලක් අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් පැරණි මිල ගණන් යටතේම අලෙවි කිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 18 July 2019
හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම කොළඹ මහවත්ත ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ වයස අවුරුදු 25 ක කුඩු ජාවාරම්කරුවෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (18) මරණ දඬුවම නියම කළේය. 18 July 2019
අනිද්දා අලුයම වනතුරු ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්න පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් අනිද්දා (20) අලුයම 5.30 වනතුරු අවදානම් ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කර තිබේ. 18 July 2019
දළදා පෙරහර නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන් විශේෂ පරීක්ෂාවකට වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන දිනයන් හි දී පවතින ආරක්ෂක තත්ත්වය මත කිසිඳු අයෙක් මහමළුව තුළ රඳවා නොගන්නා බවත් පෙරහර නැරඹීම සඳහා මෙවර දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුව වෙන් නොකරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. 18 July 2019
නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 09ක් පුරවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) තීරණය කළේය. 18 July 2019
විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (18) පස්වරුවේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇත. 18 July 2019
පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියකගේ බැංකු ගිණුම් වල වාර්තාවක් දෙන්නැයි නියෝග පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුම්කට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට අදාළව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හා මූල්‍යායතන හතක ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු සහ මූල්‍යායතන මූලස්ථාන කළමණාකරුවන් වෙත අද (18) නියෝග කළාය. 18 July 2019
රංගජීව - එමිල් රංජන් ඇප මත මුදා හැරේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙක් සමූහ ඝාතන කළ බවට අධි චෝදනා පත්‍ර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට බාරදුන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 50 බැගින් වටිනා ඇප බැදුම්කර මත ඔවුන් මුදා හැරීමට අද (18) නියම කළේය. 18 July 2019
සාමාජිකයන් 15ක් සහිත නැවක් සුළං පහරින් රූමස්සල ගල් පරයක සිරවේ අද සවස හමාගිය දැඩි සුළඟින් ගාල්ල පිටත වාරයේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නැවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී තිබේ. 18 July 2019
කළු - කැලණි ගංඟාවල ජල මට්ටම ඉහළට පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2019
මීරිගම ප්‍රා.සබේ වාර්තාව සම්මත කිරීමට එකම දිනයේ ඡන්ද විමසීම් 6 ක් මීරිගම ප්‍රාදේශීය සභාව පිහිටුවා ගත වූ වසර 31 ක ඉතිහාසය තුළ ප්‍රථම වරට සභා වාර්තා සම්මත කිරීමට හා විවිධ අයිතමයන් සඳහා මුදල් ගෙවීම පිළිබඳව ඡන්ද විමසීම් හයක් එකම දිනයේ පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් ලෙස සභා ඉතිහාසයට එක්විය. 18 July 2019
හේමසිරිට - පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප්රතිශෝධන ඇයදුම්පතක් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප්රතිශෝධන ඇයදුම්පතක් ඉදිරිපත් කළේය. 18 July 2019
චිත්‍රපට සංස්ථාවට එරෙහිව අතුරු නියෝගයක් හතර වැනි මණ්ඩලයේ චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය. 18 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026