IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුත්තලමේ 7ක් සුව වෙති

හිරාන් ප්‍රියංකර ජයසිංහ

කොරෝනා ආසාදිතව මුල්ලේරියා පිහිටි නැගෙනහිර කොළඹ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයේ කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු සුව වි නැවත පුත්තලම මොවුන්ගේ නිවෙස් වෙත අද ( 18 ) සවස එවා ඇති බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.

මෙසේ පුත්තලමට මුල්ලේරියා කොරෝනා ප්‍රථිකාර රෝහලින් එවා ඇත්තේ පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වු හත් දෙනෙකී .

මොවුන් අතරින් කුඩා දරුවන් තිදෙනෙකු වැඩිමහල් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු වන බව කියයි.

මෙම හත්දෙනා සමග කොරෝනා ආසාදිත නොවු මාස නවයක කුඩා දරුවකු හා කාන්තාවක් මුල්ලේරියාව රෝහලට යවා තිබුනී.

එසේ යැවිමට හේතු වි තිබුනේ මාස නවයේ දරුවාගේ මව කොරෝනා ආසාදිතයකු විමත් එම දරුවා බලා ගැනිම වෙනත් අයකු වෙත ලබා දිමට නොහැකි විමත් බවයි.

ඒ සමගම කොරෝනා ආසාදිත වු කුඩා දැරියක් තනිව යැවිමට නොහැකි විම නිසා ඇගේ මව යැවිමට සෞඛ්‍ය අංශ වලට සිදුව තිබුනී.

කෙසේ නමුත් මෙම ප්‍රතිකාර ලබන අතර තුර මෙම මාස නවයක දරුවාටත් කාන්තාවටත් කොරෝනා ආසාදිත වි නොතිබු බව කියයි.

කෙසේ නමුත් කොරෝනා රෝග තත්වය සුව වි නිවෙස් වෙත පැමිණියද මෙම හත් දෙනා සහ කුඩා දරුවා හා අනෙක් කාන්තාව ඇතුළු තව දෙනා තවත් දින 14 ක් නිවෙස් තුල පවුල් වල පිරිස් සමග නිරෝධායනය විම අනිවාර්ය බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.

මෙසේ සුවවු පිරිස් ගිලන් රථ මගින් මෙම රෝගින්ගේ නිවෙස් වෙත එවිමට කටයුතු කල බව කියයි .



අදහස් (0)

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුත්තලමේ 7ක් සුව වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site