පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි. 21 July 2019
පාතාල සාමාජිකයෙක් වෙඩිතබා ඝාතනය කරයි පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ අයෙක් බව කියැවෙන පුද්ගලයෙක් රත්ගම කැකිල්ල කන්දට හැරෙන මාර්ගය අසළදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය කියයි. 21 July 2019
කළගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් 4ක් රිමාන්ඩ් නිට්ටඹුව - කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය. 20 July 2019
කේරල ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට වව්නියාව ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203 ග්‍රෑම් 265 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවකු ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි. 20 July 2019
ගිනිගත්හේනේ නාය යාමේ අවදානම ඉහළ යයි ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වූ වෙළඳසැල් 10ට අමතරව තවත් වෙළඳසැල් 22 ක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දී ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය. 20 July 2019
කළගෙඩිහේනේ මැර ප්‍රහාරයට යොදාගත් ඩිෆෙන්ඩර් රිය සොයාගනී කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් හා ඩිෆෙන්ඩර් රථය අද (19) රාත්‍රී පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 19 July 2019
එජාපයත් නව සංධානයකට සූදානම් වෙයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 19 July 2019
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම 24 වැනිදා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) දැනුම් දුන්නේය. 19 July 2019
හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව් දෙනෙක්ට නීතිපති නඩු පවරයි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (19) නඩු පැවරුවේය. 19 July 2019
වෑන් රථ රියදුරාට පහරදුන් ආරක්ෂකයෝ සීසීඩීයට බාරවෙති ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබානුදුන් බව කියමින් වෑන් රථයේ රියදුරාට පහරදුන් බව කියන ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ රථයේ ගමන් කළ ආරක්ෂක නිලධාරීහු දෙදෙනෙක් නීතීඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අද (19) පස්වරවේ බාරවූහ. 19 July 2019
ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක භටයින් 149 ක් ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක භටයින් 149 ක් පොලිස් කොට්ඨාස 20 ක් තුළ ස්ථාන ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය. 19 July 2019
අතරමං වූ ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනේ නැවතීමට අවසර ගනී මහ මුහුදේ අවතැන් වී ඇති යාත්‍රා බේරා ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මාලදිවයිනට ආසන්න මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රා 20ක් මාලදිවයින ධීවර තොටුපළවල නතර කිරීමට මාලදිවයිනේ අවසරය ලබාගෙන ඇති බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (19) සවස පැවති ප්රවෘත්තී සාකච්ඡාවකදී පැවසීය. 19 July 2019
සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක් එදා වැලි පිල්ලේ,ගල්ලෑල්ලේ ඊට පස්සේ කළුලෑල්ලේ ඊටත් පස්සේ වයිඩ්බෝඩ් දැන් පංති කාමරවලට ඇවිල්ලා තියෙන්නේ ඩිජිටල් බෝඩ් තව මාසයක් දෙකක් යනකොට ටැබ් පරිගණක සිසුන්ට ලබාදෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පැවසීය. 19 July 2019
රියදුරකුට පහරදුන් ආරක්ෂකයින් ගැන සීසීඩීයෙන් පරීක්ෂණ කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන්රථ රියදුරකුට පහරදීමට පැමිණි ආරක්ෂකයින් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 19 July 2019
ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 19 July 2019
අධිකරණ ශාලා 40 කින් සමන්විත තට්ටු 12 ගොඩනැගිල්ලක් කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා මේ වන විට අබලන් තත්ත්වයට පත් වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස නව ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරිම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන්කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 19 July 2019
හේලීස් ෆ්‍රී සෝන් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී නෑ පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අනාවරණය කරන ලද භාවිතා කරන ලද භාණ්ඩ ඇතුළත් බහාලුම් 102 ක් ආනයනය කරනු ලැබ ඇති හේලිස් ෆී්ර සෝන් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් නොවන බවත් එය 2014 සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළඳ කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 19 July 2019
පළාත් කිහිපයකට හෙට දිනයේත් තද සුළං පළාත් කිහිපයක සහ දකුණු, බටහිර, වයඹ මුහුදු ප්‍රදේශයන්හි හෙට (20) දිනයේත් ඉතා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2019
ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී මව - දියණියන් දෙදෙනා මරුට සූරියවැව ජාතික පාසල ආසන්නයේ නිවසක නතර කරතිබූ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මව සහ දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සූරියවැව පොලිසිය කියයි. 19 July 2019
නෝටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටී රිය ධාවනය ඇනහිටී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) පස්වරු 3.00 සිට ඇන හිට ඇත. 19 July 2019
මහ වැස්සෙන් 7ක් මරුට - 1976ක් පීඩාවට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 July 2019
හොරෙන් ගෙන ආ කසළ බහාලුම් 130 ක් සොයා ගනී රේගුවේ ඇස් වසා ගෙන්වන ලද කසළ බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් භූමියක තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගෙන ඇත. 19 July 2019
පොලිස් කොමිසමේ ලේකම් අගෝස්තු 2 දා තෙක් රිමාන්ඩ් ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අගෝස්තු 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කළේය. 19 July 2019
පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වහයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය අද (19) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 July 2019
මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය මඩකලපුව විශ්ව විද්‍යාලය යළිත් හිස්බුල්ලාට ලබාදීමට යම්කිසි බලවේගයක් උත්සාහ කරන්නේ නම් කොන්දේසි විරහිතව එයට දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ මහතා පැවසීය. 19 July 2019
සියලු ආගමික මධ්‍යස්ථානවලට නොමිලේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් සියලුම ආගමික ස්ථානවලට ඉදිරියේදී නොමිලයේ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 19 July 2019
නෙළුම් පොකුණ අවට වාහන තදබදයක් විරෝධතාවක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ අවට රථවාහන තදබදයක් පවති. 19 July 2019
ගංවතුරෙන්- නායයාමෙන් රත්නපුරයේ පවුල් 331 ක් දුෂ්කරතාවයට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 331 ක 1250 ක් සාමාජික පිරිසක් අධික වැසි ගංවතුර සුළං හා නායයාම් හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි. 19 July 2019
අනතුරට පත් නෞකාවේ තෙල් ටොන් 15 ක් රූමස්සල කදුවැටියේ ගල්පර්වතයක වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තෙල් ටොන් 10ක් 15ක් අතර සංඛ්‍යාවක් තිබෙන බවට වාර්තා වී ඇති බවත් එම තෙල් මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී වළක්වා ගැනීම සමුද්‍ර ජිවී පරිසර ආරක්ෂණ අධිකාරියේ අරමුණ බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය. 19 July 2019
ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවෝ තිදෙනක් යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුව අද(19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ 4 සැකකාර වික්ටර් සමරවිර , 5 සැකකාර පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, සහ 6 සැකකාර කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන තිදෙනා අගෝස්තු 2 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය. 19 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026