ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 2 458ක් වාර්තා වී ඇතැයි බෝවන රෝග සඳහා වන රොබට් කෝච් ආයතනය පවසයි.
ඒ අනුව මේ වනවිට ජර්මනියෙන් වාර්තා වන සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 139 897ක් දක්වා ඉහල ගොස් ඇතැයි සඳහන් වේ.
ජර්මනියේ පසුගිය දින තුනකදීම රෝගින් වාර්තා වීමේ වැඩිවීමක් සිදුවූ අතර සෙනසුරාදා රෝගීන් 3 609ක් වාර්තා විය.
ඒ අනුව අද(19) වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යම් අඩුවීමක් පෙන්නුම් කරන බව රොබට් කෝච් ආයතනය පෙන්වා දෙයි.
පසුගිය පැය 24 තුළ මියගිය රෝගින් සංඛ්‍යාව 184ක් වන අතර එය ද පෙර දිනයට වඩා යම් අඩුවක් පෙන්නුම් කරයි.
සෙනසුරාදා රෝගීන් 242ක් සහ සිකුරාදා රෝගීන් 299ක් මියගොස් තිබිණි.
ජර්මනියේ මේ වනවිට මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 4 538 කි.
රෝගින් 88 000ක් සුවය ලබා තිබේ.
ජර්මනියේ රටපුරා ක්‍රියාත්මක සමාජ දුරස්ථ පියවර මැයි මස 03වනදා දක්වා දීර්ඝ කර ඇත.
අප්‍රේල් 20වනදා සිට ඇතැම් වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් පාසැල් විවෘත කිරීම මැයි 04 වනදා ආරම්භ කරන බවත් ජර්මන් රජය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 2,458ක්