සුගතදාස ක්‍රීඩාංගණයේ සහකාර අධ්‍යක්ෂකවරයකුට නඩු පවරන්න යයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සැකකාර අධ්යක්ෂවරයාට(පාලක) මෙම 13 වන දින මාලිඟාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය. 10 December 2019
අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පිරිස අත්අඩංගුවට කෘත්‍රිම රා ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කළ අලුත්ගම ලංකාදීප මාධ්‍ය තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී නිවසට අලාභ හානි කළ පුද්ගලයින් පස් දෙනා ප්‍රදේශ හතරක සැඟව සිටියදී අද (10)අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි. 10 December 2019
ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. 10 December 2019
ලෝක විවාහක රූ රැජින දිවයිනට ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය. 10 December 2019
වරාය සේවකයන්ට ආහාර දීමේදී මුදල් අවභාවිතාවක් වරාය සේවකයන්ට නොමිලයේ ආහාර ලබාදීමේදී ඉකුත් කාලයේදී විශාල මුදලක් අවභාවිත වී ඇතැයි මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 10 December 2019
මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම ජනපති ප්‍රතික්ෂේප කරයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 09 December 2019
ගණිතය ප්‍රශ්න පත්‍රය අඩුවෙන් ලැබීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවයකට සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ගණිතය අංක දෙක ප්‍රශ්න පත්‍රය බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවති විභාග ශාලාවක් වෙත අඩුවෙන් ලැබී තිබීම හේතුවෙන් විභාගයට පැමිණ සිටි සිසුන්ට පැය එක හමාරකට වැඩි කාලයක් විභාග මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී තිබේ. 09 December 2019
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත්කෙරේ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (09) පස්වරුවේ සිදු කෙරිණි. 09 December 2019
වනජීවි සහකාර අධ්‍යක්ෂකට මහාධිකරණයෙන් තරයේ අවවාද නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ අධි චෝදනා නඩුවේ විත්තිකාර වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක උපාලි පද්මසිරි නැමැත්තාට අද (09) ත්‍රිපුද්ගල මහාධිකරණය තරයේ අවවාද කළේය. 09 December 2019
පොලිස් කොමිසමේ ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි වැඩ තහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට මාසිකව අර්ධ වැටුපක් ගෙවන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන පෙබරවාරි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නොතීසි නිකුත් කරන ලදී. 09 December 2019
රේගුවේ බහලුම් සේවකයෝ වැඩ වර්ජනයක රේගුවේ බහලූම් ප්‍රවාහන ක්ෂෙත්රයේ සේවකයන් තම දෛනික රාජකාරිවලින් අද (9) සිට ඉවත්වන්නේ යැයි පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි ආබ්දීන් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 09 December 2019
’ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් කරනවා’ අඛණ්ඩව ජාතික මට්ටමින් කරන ලද දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් නිසා 2018 වසරේදී ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බවලින් තුවාල ලැබු සහ විපතට පත්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ‘0’ දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබුණු බවත් ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම මීළඟ පියවර බවත් ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා ඉකුත් දා සඳහන් කළේය. 09 December 2019
විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් එන්න ඩොලර් 1000 ක් මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ විඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද එය වෙනත් බොහෝ රටවලද පවතින නීතියක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (9) පැවසීය. 09 December 2019
නවසීලන්තයේ ගිනිකන්දක් සක්‍රිය වී 5ක් මරුට නවසීලන්තයේ වයිට් දූපතේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් සංචාරකයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 09 December 2019
හලාවත දිසා අධිකරණයේ නිලධාරියකු රඳවා ප්‍රශ්න කරන්නැයි නියෝග හලාවත මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණය භාරයේ තිබූ මුදල්, ස්වර්ණාභරණ සහ ඩොලර් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එහි නිලධාරියෙකු දෙසැම්බර් 16 දින දක්වා රඳවා තබාගෙන අදාළ පරීක්ෂණ පවත්වන ලෙස හලාවත වැඩබලන මහේස්ත්‍රාත් නුවන් ජයවීර මහතා අද(09) පොලීසියට නියෝග කළේය. 09 December 2019
ශ්‍රී ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියිලු ශ්‍රී ලංකික වැඩිහිටි ජනතාවගෙන් 1/4 අල්ලස් ලබා දීම අනුමත කරන බව 2019 වර්ෂය සදහා දුෂණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා අද (9) කොලඹ පිහිටි එම ආයතනයේදී පැවසිය. 09 December 2019
ස්විස් නිලධාරිනියට පනවා තිබූ රට ගමන් තහනම දිගු කරයි පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට පනවා තිබූ විදේශ ගමන් තහනම දෙසැම්බර් 12 වැනිදා දක්වා දිර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය. 09 December 2019
ස්විස් තානිපති කාර්යාල නිලධාරිනිය අධිකරණ වෛද්‍ය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග පැහැරගැනීමට ලක් වූ බව කියන ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 09 December 2019
මරණ දඬුවම වළක්වාලන අතුරු නියෝගය මාර්තු 20 තෙක් දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය. 09 December 2019
රජයේ විධායක නිලධාරීන්ට ජනවාරි 1 වැනිදා සිට විශේෂ දීමනාවක් රජයේ විධායක නිලධාරීන්ට ලබන ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට ඊයේ (8) පැවැසීය. 09 December 2019
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා පත්කර ඇති බව හමුදාව පවසයි. 09 December 2019
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ තීන්දුව ගැන රජයේ අවධානයට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රජය අද (9) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි. 09 December 2019
කිරිපිටි මිල අද සිට පහළට කිරිපිටි මිල අද (9) සිට අඩුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 09 December 2019
පුතෙකුගේ පහර දීමකින් පියා මරුට උඩප්පුව කොත්තන්තිව් ප්‍රදේශයේ පුතෙකුගේ පහර දීමකට ලක් වූ පනස් හත් හැවිරිදි පියෙකු අද ( 9 ) මරණයට පත් වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 09 December 2019
ලංවිම - ලංගම - දුම්රිය ලාභ ලබන ආයතන කරනවා රටේ ආර්ථිකයට බරක් වී ඇති විදුලි බල මණ්ඩලය , ඛනිජතෙල් සංස්ථාව , දුම්රිය දෙපාර්තමේතුව හා ලංගම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බලශක්ති සංවර්ධන අමාත්‍ය මහන්ද අමරවීර මහතා අද (08) මැදමුලන රළුව ප්‍රදේශයේදී පැවසීය. 08 December 2019
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමැතිවරු ගැන තොරතුරු ජනපති කොමිසමට පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ. 08 December 2019
ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2019
යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුර බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇත. 08 December 2019
වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන එල්ල වී ඇත බවට කරුණු හෙළිවීම හේතුවෙන් එම නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම පොලිස්පතවරයාට නියම කර ඇත. 08 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026