(ජයන්ත නානායක්කාර)
මත්පැන් වැඩි මිලට විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇත.
දෙනියාය විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිලධාරීවරයාට ලැබුනු තොරතුරකට අනුව ඌරුබොක්ක ප්‍රදේශයේ මත්පැන් හලක ගබඩා කර තිබු මිලිලීටර් 750 මත්පැන් බෝතල 60 ක් සොයාගෙන තිබුණි.
රජය විසින් සුරාසැල් වසා දැමීම සඳහා දැනුම් දීමෙන් පසු සුරාසැල වසා දමා එහි තිබු මත්පැන් කාමරයක ගබඩා කර තබා පසුව වැඩි මිලට විකීණීම සඳහා කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ නිරෝදායන නීති උල්ලංඝනය කරමින් සුරාසැල වසා දැමීමෙන් පසු වැඩි මිලට අරක්කු විකීණීම සිදු කර ඇති බවත් සුරා සැලේ බලපත්‍ර අංකයද ප්‍රදර්ශණය නොකර සුරාසැල පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.
සුරා සලේ සේවකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල 60 සහ සැකකරුවන් දෙදෙනා ඌරුබොක්ක පොලිසියට බාර දී ඇතැයි දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරීවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්පැන් බෝතල් 60 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
tharindu Tuesday, 21 April 2020 11:19 AM
මේ වගේ කූට වැඩ කරන මිනිසුන්ට ගහන දඩය රුපියල් කෝටියක් විතරවත් කරන්න ඕනි...