(ඉන්දික අරුණ කුමාර)
ඇදිරි නිතිය ඉවත්කිරිමත් සමග මහනුවර - යාපනය ඒ නවය මාර් ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි නිමවා සිය නිවෙස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි.
අනතුර අද පස්වරැවේ (20)නාඋල පොලිස් බල ප්‍රදේශයේ හුංගන්වෙල මංසන්ධියේ දී සිදුවී ඇති බව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාඋල පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පල්ලේපොල- මොරගස්පිටිය ලිපිනයේ පදිංචින සිටි ජාලිය පාලිත බණ්ඩාර කොහොන (45) නැමැති දෙදරැ පියෙකි.
මහනුවර සිට පැමිණ ඇති ලොරි රථය දඹුල්ල ප්‍රදේශයේ වී මෝලකට අයත් බවත් එහි සේවයේ යෙදී සිටි සේවකයින් රැගෙන ඒම සදහා ලොරි රථය මහනුවර ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි.
අධික වේගයෙන් පැමිණ ඇති ලොරි රථය වැරදි පැත්තෙන් ධාවනය වී ඇති බවත් ලොලි රථයේ රියදුරු හා එහි ගමන්ගත් සෙසු පුද්ගලයින් දෙදෙනෙකු ද අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලිසිය කියයි.
අනතුර සිදුකර නොනවත්වා ධාවනය වී ඇති ලොරි රථය පසුපස මාර්ග රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිලදාරින් දෙදෙනෙකු විසින් හඹාගොස් සැකරැවන් හා ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් පසු තුවාල ලැබු පොලිස් සැරයන් වරයා වහාම නාලන්ද රජයේ රෝහලට ඇතුළුලත් කර ඇති අතර අනතුරැව ඔහු මිය ගොස් තිබේ.
අද (20) පස්වරු වන විට මෘත ශරිරය දඹුල්ල මූලික රෝහලට යවා ඇති අතර පස්චාත් මරණ පරික්ෂණය එහිදි සිදුකිරිමට නියමිතය.
වසර 25 කට අධික කාලයක් පොලිස් සේවයේ යෙදි ඇති මිය ගිය ජාලිය පාලිත බණ්ඩාර කොහොන මහතා යුධ සමයේ ක්‍රියාන්විත රාජකාරියේ ද යෙදී ඇති පොලිස් නිලධාරියෙකු බව නාඋල පොලිසිය කියයි.
මාතලේ දිස්ත්‍රික් (02) පොලිස් අධිකාරි අජිත් වංශනාත මහතාගේ උපදෙස් පරිදි නාඋල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.ජි.පි.කේ. රත්නායක මහතා ඇතුලු විශේෂ පොලිස් නිළධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොරි අනතුරකින් පොලිස් සැරයන්වරයකු මරුට