බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කෙසෙල් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ ලොරියක් අද අලුයම කිලෝමීටර් 9.3 හේන්ගොඩ ප්‍රදේශයේ දී පෙරලී යාමෙන් රියදුරු සහ සහායකයා සුළු තුවාල ලැබූ බව දක්ශිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
අනතුරින් ලොරි රථයට අලාභ සිදුවී ඇති අතර අධිවේගී මාර්ගයෙහි දේපල වලට කිසිදු අලාභයක් සිදුවී නැති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අඟුණකොළපැලැස්සෙ සිට කොට්ටාවට කෙසෙල් තොගය රැගෙන ඒමේදී ලොරියට මාර්ගය මැද පෙරලී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලොරි රථයට අධික බරක් යෙදීම හේතුවෙන් එය පෙරැළී ඇති බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධිවේගයේ දී කෙසෙල් ලොරිය පෙරැළෙයි
janahitha Tuesday, 21 April 2020 08:26 AM
රාළහාමිට හොදට කන්න බොන්න දෙන්න ඕන. බලදාරින්ගේ අවධානයට බඩ හිස් කෙහෙල්කන් පළමුව, යටවෙලා ඉන්න රියදුරු නාට්ටාම්බි එළියට ගන්නේ නැතිද ?
janabala Tuesday, 21 April 2020 08:29 AM
අපි ඉන්නේ යු ඒ ඉ පාරේ පළල ජාත්‍යන්තර නිර්මාණ වලට අනුකුල නැති බව පෙනෙනවා. මෙහෙ ඇවිත් බලන්න පැයට කි.මි 80 වැඩි මාර්ගවල පළල බලාගන්න ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සෞක්‍ය ප්‍රශ්න තියෙනවා.
hasiTuesday, 21 April 2020 08:45 AM
පිටරට දේවල් වලට ආවඩනවා වගේම අපේ රටේ දේවලුත් අගය කරන්න පුරුදු වෙන්න
Walter WhiteTuesday, 21 April 2020 11:00 AM
මෙහෙ පාරේ ප්‍රමිතිය අඩු එක ඇත්ත, නමුත් ඇක්සිඩන්ට් වෙන්න ප්‍රධාන හේතුව ඒක නොවේ, අපේ එළවලු ලොරි වල ප්‍රමාණය ඉක්මවලා බඩු පටවන හැටි ඒවා යන හැටි බලාගන්න මෙහෙ එන්න මේ ලොරියේත් ටයර් කට්ට ගෙවිල තට්ටේ පෑදිලා, එහෙම එකේ බරත් පටවාගෙන ගියාම පාලනය කරගන්න බැරිව පෙරළෙනවා.