IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රංශයේ කොරෝනා මරණ 20,000 පනී

ප්‍රංශයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ලෝකයේ, කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 20,000 සීමාව පසුකළ හතරවන රට බවට ප්‍රංශය පත්වී තිබේ.

මීට පෙර ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව මෙම සීමාව පසු කළේය.

අද (21) වනවිට ප්‍රංශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 20,265 කි.

නව මරණ 547ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 444ක් රෝහල් වල සහ 103 ක් සාත්තු නිවාස වල සිදුවී තිබේ.

කෙසේ වුවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපයක සිට දෛනික මරණ අගයන් යම් පමණකින් අඩුවෙමින් පවතින බවයි.

ප්‍රංශයේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 155 383ක් වාර්තා වන අතර රෝගීන් 37 409ක් සුවය ලබා තිබේ.

දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් සංඛ්‍යාව 5 683කි.

සති පහකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රංශය සම්පූර්ණයෙන් අගුලු දමා ඇත.

ප්‍රංශ රජය පවසන්නේ මැයි මාසයේ සිට යම් ආකාරයක ලිහිල් කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වුවද ප්‍රංශයේ සාත්තු නිවාස වල සංචාරය කිරීම සහ අමුත්තන්ගේ පැමිණීම දැඩි ලෙස තහනම් කර ඇත.

ප්‍රංශයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටි පුද්ගයන් වෙසෙන සාත්තු නිවාස වලින් වාර්තා වන හෙයින් මෙම තීරණය ගැනීමට සිදුවූ බව එරට රජය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ප්‍රංශයේ කොරෝනා මරණ 20,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31610 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site