මැතිව්ස් - ධනංජය ශ්‍රී ලංකා පිල ගොඩගනිති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (11 වැනිදා) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල කිසියම් ගෞරවනීය ස්ථානයකට ගෙන ආහ. 11 December 2019
ඇමැතිවරුන්ට අයත් විෂය පථයන් ගැසට් කරයි නව රජයේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(10) මධ්‍යම රාත්රියේදී නිකුත් කර තිබිණ. 11 December 2019
‘එම්සීසී ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එය එකවර හිතකර වෙලා’ රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. 11 December 2019
‘මත්තල විකිණීමේ සුදානමක් නෑ’ මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) උඩුගම්පළදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 11 December 2019
‘පලාලි ගුවන්තොටුපොල කලාපීය ගුවන්තොටුපොලක් කරන්න යයි‘ යාපනය පලාලි ගුවන් තොටුපල ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය හා රුපියල් මිලියන 300 ක ප්‍රධානයක් මත කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 11 December 2019
ලොරියක් රේල් පාරේ යයි - උඩරට දුම්රිය ගමනාගමනට බාධා බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11) ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වී එහි සිරවීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි. 11 December 2019
ලේක් හවුස් මාධ්‍යවේදියකුට පහර දීලා ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය හා ඩිජිටල් අංශයේ ප්‍රධානී මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතාට එම ආයතනයේ වෘත්තීය සමිතියකට අයත් යැයි කියන පිරිසක් විසින් පහරදි තිබේ. 11 December 2019
වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල වහයි වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරුන් නොමැතිකමින් රෝහල වසාදමා ඇතැයි ගම්වාසීහු කියති. 11 December 2019
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ලංකාදීපයට සම්මාන දෙකක් ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා 2018’ සම්මාන රාත්‍රිය මෙවර 20 වැනි වරටත් ගල්කිස්ස මහා හෝටලයේදී අද (10) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 10 December 2019
අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පස්දෙනා රිමාන්ඩ් අලුත්ගම මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතා කෘතීම රා ජාවාරමක් සම්බන්ධයෙන් පුවත් පතකට තොරතුරු සැපවුවා යැයි උරණ වී ඔහුට සහ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. 10 December 2019
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු ස්ථානාධිපතිට වැඩ වරදී පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා දුරකතනයෙන් යෝජනා කළ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයෙකු වැඩ තහනමට ලක්කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. 10 December 2019
රජයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කරන පිරිසක් ගැන තොරතුරු හෙළිවෙයි රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා දෙන බවට මහජනතාව මුලා කරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 December 2019
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට නව වැටුප් ව්‍යුහයක් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. 10 December 2019
වරායේ නවීන ස්කෑන් වලින් සිරුරට බලපෑමක් නෑ වරායේ සවිකර තිබෙන ඇති නවීන ස්කෑන් යන්ත්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නැතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. 10 December 2019
කෝටියකට අධික කේරල ගංජා කැළෑවකින් හමුවෙයි මාන්කුලම් A-9 කැළෑ රොදක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කේරල ගංජා තොගයක් අද (10) සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 10 December 2019
හිටපු ජනපතිගේ තීරණය අත්හිටුවා ගොනු කළ පෙත්සම මාර්තුවට කල්යයි මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මත කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සළකා බැලීම ලබන මාර්තු 27 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 December 2019
පොහොට්ටුවේ කුලියාපිටිය තරුණ සංවිධානයේ සභාපතිට මැර ප්‍රහාරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය තරුණ සංවිධානයේ සභාපති චමත් අර්තනායක මහතාට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් පහරදී ඇති බව පොලිසිය පැවසීය. 10 December 2019
ගිණුම් ප්‍රකාශ නොදුන් පක්ෂ ගැන කොමිසමේ ඇස ඇතැම් ලියාපදිංචි දේශපාලන පක්ෂ වසර ගණනකින් සිය වාර්ෂික ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට බාර දී නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 December 2019
‘කළු තුෂාර’ට මරණ දඬුවම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් ‘කළු තුෂාර’ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද (10) මරණ දඬුවම නියම කරන ලදී. 10 December 2019
නයිජීරියානුවන් 50 දෙනා පිටුවහල් කරන්න යයි මිරිහාන රැඳවුම් කඳවුරේ රදවා සිටින නයිජිරියානු ජාතිකයින් 59 දෙනෙකු අතරින් 9 දෙනෙකු පළාගොස් ඇති බැවින් ඉතිරි 50 දෙනා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා මෙරටින් වහාම පිටුවහල් කිරිමට තීරණය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 10 December 2019
138 බස් මාර්ගයේ වාහන තදබදයක් පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ 138 බස් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවති. 10 December 2019
හිටපු ජනපතිට නොතිසි ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වන දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහට මෙරටින් පිටවිම වළකාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන ජුනි 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය . 10 December 2019
සබරගමු හිටපු පළාත් සභා මන්ත්‍රී නිදහස් සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 December 2019
‘බදුල්ල - කොළඹ පාරේ ප්‍රවේශමෙන් රිය පදවන්න’ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ, හපුතලේ සහ බෙරගල අතර කොටසේ මේ දිනවල අධික මීදුම් තත්වයක් පවතින බව පොලිසිය කියයි. 10 December 2019
කල්පිටියෙන් රත්රන් කිලෝ 10 ක් අත්අඩංගුවට කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 10 December 2019
සාපෙළ ලියා ගෙදර යද්දී බස් රියේ ගැටී සිසුවෙක් මරුට වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වව්නියාව පොලීසිය පවසයි. 10 December 2019
හමුදා භටයන් 38ක් රැගත් චිලී යානයක් අතුරුදන් ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලි දේශයට අයත් හමුදා භටයන් 38 දෙනකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇත. 10 December 2019
සුගතදාස ක්‍රීඩාංගණයේ සහකාර අධ්‍යක්ෂකවරයකුට නඩු පවරන්න යයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සැකකාර අධ්යක්ෂවරයාට(පාලක) මෙම 13 වන දින මාලිඟාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය. 10 December 2019
අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පිරිස අත්අඩංගුවට කෘත්‍රිම රා ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කළ අලුත්ගම ලංකාදීප මාධ්‍ය තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී නිවසට අලාභ හානි කළ පුද්ගලයින් පස් දෙනා ප්‍රදේශ හතරක සැඟව සිටියදී අද (10)අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි. 10 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026