පාස්කු ප්‍රහාර තොරතුරු එස්.ටී.එෆ්.ට දැන්වූයේ නෑ සහරාන් කල්ලියේ ප්‍රහාරය ගැන බොහෝ අංශ අප්‍රේල් 20 වැනිදා වනවිට බොහෝ තොරතුරු දැනගෙන සිටියද ඒ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට නොදීම තමාට අදටත් ප්රහේළිකාවක් බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායට ඒ තොරතුරු ලබා දුන්නා නම් මේ මහා විනාශය සිදු නොවන්නට ඉඩ තිබූ බවත් එම බළකාය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (25) පැවැසීය. 26 July 2019
රටින් ගෙන්වූ කුණුවලින් පරිසරයට සිදුවන හානිය දැනටමත් සිදුවී හමාරයි පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය. 26 July 2019
ලක්ෂ 40 ක කේරල ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට ගල්කිස්ස ශාන්ත රීටා පාරේදී රුපියල් ලක්ෂ 40 කට ආසන්න කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශය කියයි. 26 July 2019
වසර 16කට පසු ඇමෙරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරයි වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස්දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති බිල් බාර් මහතා අද (25) නිවේදනය කළේය. 25 July 2019
ගම්මන්පිල ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙයි රිෂාද් බදියුදීන් විසින් පුත්තලමේ අවතැන් කඳවුරුවල වෙසෙන වැසියන් පිරිසකගේ අත්සන හොරට යොදා ගනිමින් මන්නාරම ප්‍රදේශයේ රජයේ ඉඩම් නීතිවිරෝධී අන්දමින් පවරාගෙන එම ඉඩම් හිටපු අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් අතරේ බෙදා ගත් බවට 2010 වසරේදී මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචි මුස්ලිම් වැසියන් පිරිසක් තමන්ට තොරතුරු ලබා දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් අද (25) පැවසීය. 25 July 2019
ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු 7 ක් හෙට දිවුරුම් දෙති ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද හෙට (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූරවල දිවුරුම් දෙති. 25 July 2019
ක්‍රියාශීලී දිස්ත්‍රික් කාර්යාල ක්‍රමයක් මගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා ක්‍රියාශීලී දිස්ත්‍රික්ක කාර්යාල ක්‍රමයක් ඇති කර ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධන වේගය වැඩි කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 25 July 2019
අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් නාවලපිටියේදී අත්අඩංගුවට සහරාන් සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙක් අද (25) නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 July 2019
සැප්තැම්බරයේ යාල වහයි යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 කොටස ලබල සැප්තැම්බර් පළමුවැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 25 July 2019
වෛද්‍ය සාෆිට ඇප මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය. 25 July 2019
රන්ජන් ගැන හොයන්න අගමැතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහ සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. 25 July 2019
එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නඩු ගැන කතාකරන්න ඉල්ලුවේ නෑ අධිකරණයේ විභාග වන නඩු ගැන අගවිනිසුරු සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කිසිඳු ඉල්ලීමක් කර තිබුණේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය. 25 July 2019
මුස්ලිම් ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බෑ පවතින මැතිවරණ ක්‍රමයට අනුව ජනාධිපතිවරුන් සිව්දෙනෙකුම බලයට පත්වූයේ මුස්ලිම් ප්‍රජාවේ සහායෙන් බවත් මුස්ලිම් ප්‍රජාවගේ සහාය නොමැතිව කිසිවෙකුට ජනාධිපතිධූරයට පත්විය නොහැකි බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පවසයි. 25 July 2019
කදිරගාමර් ඝාතනයට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට ජර්මනියේදී නඩු පැවරේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජර්මනියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට එරෙහිව ත්රස්තවාදයට ආධාර අනුබල දීමේ යටතේ එරට අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 25 July 2019
මහපොළ අරමුදල ගැන ප්‍රකාශ ගන්න ජනාධිපති කොමිසමේ නිලධාරීන් හෙට හිටපු අගවිනිසුරුගේ නිවසට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ විභාගයට ගැනෙන මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාළව හිටපු අගවිනිසුරු කේ.ඒ.ශ්‍රී පවන් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (26) හිටපු අගවිනිසුරුවරයාගේ වැල්ලවත්තේ පිහිටි නිවසට යෑමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි. 25 July 2019
මධ්‍යම පරිසර අධිකාරිය කුණු කන්ටේනර් ගැන රස පරීක්ෂණ වාර්තාවක් ඉල්ලයි බි්රතාන්යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රජයේ රස පරීක්ෂකවරයාගෙන් අද (25) ඉල්ලීමක් කර ඇත. 25 July 2019
හේලීස් ෆී සෝන් සමාගම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නෑ අපද්‍රව්‍ය කන්ටේනර් 130 ක් ගෙන්වා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දමා ඇති හේලීස් ෆී සෝන් සමාගම නිදහස් වෙළඳ කලාපයේ කටයුතු කිරීම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ පරීක්ෂණවල දී හෙළිවී තිබේ. 25 July 2019
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාල නඩුව මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (25) නියෝග කළේය. 25 July 2019
විශ්‍රාමිකයන්ගේත් - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අඩු කෙරේ විශ්‍රාමිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන බැංකු පොලී අනුපාතය ජූලි මාසය අගදී තවදුරටත් අඩු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 25 July 2019
නව ව්‍යවස්ථාව අතරමග නැවතීම ගැන දොසින් කොටසක් ආණ්ඩුව බාරගත යුතුයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ කටයුතු අතරමග නැවතීම පිළිබඳ දොසින් කොටසක් ආණ්ඩුවත් බාරගත යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටු නියෝජිත, එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 July 2019
නව දේශපාලන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට හෙට අත්සන් තැබේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හෙට (26) පෙරවරු 9.00 අත්සන් තැබීමට නියමිතය. 25 July 2019
නව ව්‍යවස්ථාවක් නොගෙනාවොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවේවි නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය. 25 July 2019
සහාරාන්ගේ ගෝලයින් 8ක් අගෝ. 7 දක්වා රිමාන්ඩ් සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූ, දේශනවලට සහභාගී වූ, අධිකරණ නියෝගය මත දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද සැකකරුවන් 14 දෙනෙකුගෙන් අටදෙනෙකු අගෝස්තු 7වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එම්.රිස්වාන් මහතා අද(25) නියෝග කළේය. 25 July 2019
‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කළේය. 25 July 2019
‘නිල මැදුර’ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට නාරහේන්පිට, ඇල්විටිගල මාවතේදී ඉදිකරන ලද ”නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනතා අයිතියට පත් කෙරිණ. 25 July 2019
‘ජනාධිපතිවරණය ජයගත හැකි කිසිවෙක් ශ්‍රිලනිපයේ නැහැ‘ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි මට්ටමේ කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (25) පැවැසීය. 25 July 2019
වෛද්‍ය සාෆි අධිකරණයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 25 July 2019
පළාත් ඡන්දය ඉක්මණින් පවත්වන්නැයි යෝජනාවක් මැතිවරණ කල් නොදමා වහා මැතිවරණ පවත්වන්නට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී යෝජනාවක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 25 July 2019
‘කටුනායකට පැමිණි නමක් නැති ගුවන්යානය ගැන හෙළිකරන්න’ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට දින කිහිපයකට පෙර පැමිණ තිබූ නාමයක් සඳහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසීය. 25 July 2019
සායනික අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන ලෙස තබාගැනීමට එකඟවෙයි කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බව නීතිපතිවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය. 25 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026