(කේෂර ගුණතිලක)
ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මුල්ලේගම වනජීවී කාර්යාලයේ සේවයේ නියුතුව සිටි මොනරාගල බුද්දම කුකුලම්මුල්ල පදිංචි 25 හැවිරිදි වනජීවී අඩවි ආරක්ෂක ඒ.එම් සේනාධීර ප්‍රදීප් බණ්ඩාර නැමති අයෙකි.
ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් සෙල්ලක්කාඔය නොහොත් රෑදැත්තාඔය ප්‍රදේශයේ වාඩිගලදී දඩයක්කරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් දඩයක්කරුවෙකු එක්වරම වනජීවි නිලධාරීන්ට වෙඩිතබා ඇත.
වෙඩි වැදීමෙන් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීවරයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
දඩයක්කරුවන් පිරිසක් ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවී ඇති බවට ලද තොරතුරක් අනුව මුල්ලේගම, ගල්ඔය,බදුලුවෙල යන වනජීවී කාර්යාලවල නිලධාරීන් අට දෙනෙකු මෙම වැටලීමට ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) මොනරාගල මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.
සිද්ධිය පිළිබඳව දඹගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හතරදෙනාටනම් , දෙවියන්ගේම පිහිටයි .. ! අනිවාර්යෙන්ම මුලුජීවිත කාලයම මහවූළු ගෙදර තපින්න වේවා ... කියල අපි ප්‍රාර්ථනා කරමු .
දඩයක්කාරයාට දැඩි දඬුවම් දෙන්න මේ කරපු අපරදෙට.
බන කතා කරනවද රවී, ළමයෝ. හතර දෙනා ට විතරක් නොවෙයි, පවුල්වල ඡන්ද කොච්චර තියෙන්න පුලුවන්ද? මේගොල්ලෝ බලපුලුවන් කාරයෝ . ඔය අතරේ ප්‍රාදේශීය දේශපාලුවොත් ඇති. උන්ව ශේප් කර ගන්න මෙලහටත් ලොක්කෝ සෙට් වෙලා ඇති. අපරාදෙඅර නිලධාරියා ගැන දුක හිතෙනවා. අන්තිමේදී ඒ මැරිච්ච මනුස්සයා වැරදිකාරයා වේවි!
කැලේ විනාශ කරන මෙම මුර්ගයන්ට කැලෑ නීතියෙන්ම පිළිතුරුදීම වඩාත් උචිත වේ. උසාවිවල කාලය කා දමනවාට වඩා....
හිරේ දාලා වැඩක් නෑ. ඔහොම කරන මිනිසුන්ට එවෙලේම දඩුවම දුන්නනම් ඉවරයි.
සොබාදහමට විරුද්ධ අය නිසා " කොරෝනා "ඇවිත් දඬුවම් දෙද්දී ඊටත් විරුද්ධ මොවුන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියල හිතනවද?. මේ පැත්තෙත් ඉන්නවා චීවරය දරාගෙන දඩමස් නැති මිත්යාදෘශ්ඨිකයෝ. අනේ කාලේ... වනේ වාසේ....වනයක්ම තමයි.
මෙහෙම අදහසක් ඉදිරිපත් කළාට සමාවන්න. අද වගේ දියුණු සමාජයක් තුළ මේ මනුලොවේ සිටින පහත්ම පුරුෂ ගණයට මේ රටේ පිරිමි පත් වී ඇති බවට මෙය හොදම සාක්ෂියක්. ඒ බව මේ දිනවල ඔවුන්ගේ හැසිරීම තුලින් මනාව ඔප්පුවී තිබේ. පවතින නිතිය කඩකිරීම්, මත්ලෝලී හැසිරීම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ගෘහස්ත හිංසනය ආදී අනේකවිද පහත හැසිරීම් සහිත මේ සමාජය අනාගත විෂබීජ නමැති සොභාදම් ක්‍රියාදාමයෙන් බැටකනු නියතයි.
රාජකාරී වෙලාවේ සිද්ද වෙන හැම අකරතැබ්බයකට රජය වගකීම් බාරගන්නවා කියලා අපි අහලා තියනවා
අනේ දෙවියනේ අවුරුදු විසි පහක කොල්ලෙක්. මේ දඩයක්කාරයො හතර දෙනා කැලේ හංගපු ආයුධ ඇති. පොලිසියට ඒව පෙන්නන්න එක්කන් යා යුතුයි.
මේ වගේ අපරාධයක් කරලත් පන පිටින් ගෙනාවේ ඇයි ? මම එතන හිටියානම් ඔලුව හත් කඩකට යන්න වෙඩි තියනවා.