( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතයෙන් බිද වැටුනු සංචාරක කර්මාන්තය අදියර කිහිපයකින් යළි ඉහල නැංවිමට ඉදිරි වසර පහ සදහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී. කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (23) පැවසුවාය .
සංචාරක කර්මාන්තයේ ලියාපදිංචි ආයතන සහ පුද්ගලයින් 11,071 ක් සහ මීටපඅමතරව කාමර 39,253 ක් සහිත නවාතැන් පහසුකම් ස්ථාන 2,669 ක් සදහා මෙම වැඩසටහන හරහා පහසුකම් සැලසීමට අපේක්ෂා කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය .
මෙම සංචාරක ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙරට සංචාරක කර්මාන්තය යළි ඉහල නැංවීම සඳහා තත්ත්ව තක්සේරු කිරීම, බලපෑම් තක්සේරු කිරීම සහ මාර්ග සිතියම්ගත කිරීම යන අදියර තුනක සැලැස්මක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය හිමි වන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය .
මෙම සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ කටයුතු වලට පූර්ණ සහාය ලබා දෙන්නැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි සභාපතිනිය බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නීය.
වර්තමාන තත්වය තුල සියලුම සංචාරක සංවිධානවල දායකත්වය හා සහයෝගිතාව ඉතා වැදගත් වන බව පෙන්වා දෙන කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් අනාගතයේදී සංචාරකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳව සංචාරක බලධාරීන්ගේ වැඩි අවධානයක්
සංචාරය සදහා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් 12,329 ක් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බවද ඇය පැවසුවාය.
වෛරසය නිසා දේශසීමා වසා දැමීම සහ පුළුල් ලෙස සමාජීය ඈත් වීම සමග සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් වඩාත්ම බලපෑමට ලක්වුවදප. සංචාරක කර්මාන්තය යළි ඉහල නැංවීමට මෙරට සුන්දර සංචාරක අත්දැකීම්, හෙළ වෙදකම, ස්වදේශික ආයුර්වේදය, සාමප්රදායික කුළුබඩු, ඖෂධ පැළෑටි සහ සංස්කෘතික සම්ප්‍රදායන් අනුව අපට බොහෝ දේ ඉදිරියේදී සංචාරකයින් ආකර්ෂණය සඳහා ලබා දිය හැකි බව සභාපතිනිය පෙන්වා දෙන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංදුවක් ගැහුවොත් නරකද.?
ඉතාමත් කාලෝචිත අදහසකි... කොපමණ මුදලක් වියදම් කර හෝ මෙය ප්‍රවර්දනය කරමු. මේ අවස්ථාවේ ගොඩ ඒමට නම් සියලු විසා බාදක ඉවත්කර ඕනෑම කෙනෙකුට ඒමට රට විවෘත කරමු.
ලංකාවට මුලින්ම කොරෝන ආවේ සංචාරක කර්මාන්තය නිසා.
සංචාරකයින්ට යන තැන වල වැසිකිලි ටිකවත් හදල වැඩේ පටන් ගන්න.
ආණ්ඩුව ලංකාවේ සංචාරක කර්මාන්තයට කරන්න පුළුවන් ලොකුම උපකාරය ඔය" ටුවරිස්ට් බෝර්ඩ් "එක කියන සුදු අලියා වහලා දැමීම , දැන් හෝටල් සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නෝ අතරමන් වෙලා ඉන්න කොට ඔය නිලධාරී පැත්ත පළාතක එන්නේ නැහැ , නමුත් සංචාරකයෙක් දෙන්නෙක් එන්න ගත්ත පටන්ගත්ත ගමන් ඇවිත් , අරක නැහැ මේක නැහැ නඩු දමනවා කියලා , අල්ලස් මුදල් ඉල්ලීමත් පිනට කෑම බිම ගැනීමත් නම් කරාවී.
ඔබතුමියට මෙරටට පැමිනෙන සංචාරකයන්ගේ සමාජ මට්ටම් ගෙන අවබෝධයක් තිබෙනවද ?
ඔය ඔක්කොටම ඉස්සෙල්ල සංචාරක මර්මස්ථානවල අලුතින් ගුවන් තොටුපලේ තිබෙන තත්වයට වැසිකිලි කිහිපයක් ඉදිකරලා ඒවගේ නඩත්තුව පුද්ගලික පිරිසිදු කිරීමේ සමාගමකට පවරන්න. කොළඹ නගරයේ විවිධ ස්ථානවල සිට ගුවන් තොටුපලට , කොටුවට , ආගමන විගමන දෙපාර්තමේන්තුවට , කටුගෙට යන මාර්ග දිශාවන් සහ දුර ප්‍රමානය සදහන් පෙන්වන පුවරු 300-400 වත් අලුතෙන් ස්ථාපනය කරන්න , ඉන්පසු අනෙක් පළාත්වලට මේක ව්‍යාප්ත කරන්න ,