(සමන් පාලිත නානායක්කාර )
දැව තොගයක් පටවමින් සිටියදී භූමි යන්ත්‍රයක් හරහා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වූ බණ්ඩාරවෙල දැව සංස්ථාවේ නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් භූම් යන්ත්‍ර ක්‍රියාකරු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්තාත් කීර්ති කුඹුරු හේන මහතා අද 23 නියම කෙළේය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දැව සංස්ථාවේ වැඩබිම බාර නිලධාරියෙකු වූ දෙවිනුවර පදිංචිව සිටි පී. එන්. මනෝජ් ඇන්ඩෲ කුමාර නමැති එක්දරු පියෙකි.
හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේදී දැව කඳන් තොගයක් භූම් යන්ත්‍රයක් ආධාරයෙන් ලොරියකට පටවමින් සිටියදී එහි ඉහළ කෙළවර අධිබලැති විදුලි රැහැනක ගැටීමත් සමග භූමි යන්ත්‍රය තුළ සිටි දැව සංස්ථා නිලධාරියාට එක් වරම විදුලි සැර වැදී එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත් වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමි යන්ත්‍රය?
භූමි යන්ත්‍ර ක්‍රියා කරුවෙක් සිටියානම් මෙ නිලධාරියා මොන බම්බුවකට යන්ත්‍රය ඇතුළට රිංගුවද? යන්ත්‍ර ක්‍රියාකරවන්න නිලධාරියාට බහින්න කීවානම් ඒක යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ප්‍රශ්නයක්...