IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොරෝනා  ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන්  පිළියන්දල  නිවන්තිඩිය  සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද  ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම  මූලික රෝහලට අද ඇතුළත් කළ බව ද පිළියන්දල   සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ඉන්දික එල්ලාවල  මහතා පැවසීය .

පසුගිය 20 වෙනි දා පිළියන්දල  සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ  ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා  රෝහල්ගත කළ  කාන්තාවගේ සමීප ඥාතීන් වන බවත් ඔහු ඊට දින දෙකකට පෙර කොස් රැගෙන ගොස් එම නිවසට ලබාදී ඇති බව  තොරතුරු අනාවරණය වූ බව වෛද්‍ය වරයා  පැවසීය .
 
මාළු ව්‍යාපාරිකයා ආසාදිත   තත්ත්වයට පත්වීමෙන් අනතුරුව  සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරී වරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .

 එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (3)

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

Chandana - Australia Thursday, 23 April 2020 11:55 AM

දැන් කෝ මුස්ලිම් මිනිස්සු ලෙඩේ හංගනවා කියලා කෑ ගහපු අය අත් උස්සන්න බලන්න

:       0       184

පහේ පන්තියේ කොල්ලෙක් Thursday, 23 April 2020 12:57 PM

අරමුදලේ ශේෂය පෙන්න පෙන්න මොකක් කරන්නද? ඕකෙන් ටෙස්ටින් කිට්ස් ඇති තරම් ගේන්නේ නැතිව..... මේක තියන් ඉන්නවා ඇත්තේ චන්දෙ කාලෙට කොරෝනා වෙනුවෙන් අවස්ථා සදහා වියදම් කරන්නද? ඕකත් අපි වෙනුවෙන් අපි වගේ වෙයි. ඒකේ සල්ලිත් නැහැ තිබ්බ සල්ලි වලට හරියන ලෙස ගෙවල් නොමිලේ දුන්න ලිස්ට් එකකුත් නැහැ. චීනා ගිනි පොළියට කොමිසුත් එක්ක දීපු ණයට සින්න වුනු කොළණියට එවපු ටෙස්ට් කිට් ටිකයි , පරිත්‍යාග කල කිට් ටිකයි ඉබි ගමනින් පාවිච්චි කරනවා. අප්‍රේල් 8 වනකොට ටෙස්ට් කරලා තිබ්බේ 3248යි. අද අප්‍රේල් 23 වන කොට 7300ක් ටෙස්ට් කරලා. ගත වුනු දවස් 15 ටෙස්ට් කරලා තියෙන්නේ 4000 පමණ ගානක්. ආණ්ඩුව මාද්‍යයෙන් කියන්නේ දවසකට දැන් 600 ටෙස්ට් කරනවාලු. ගතවූ දවස් පහ තුළ 600ක් ටෙස්කර නම් ඔක්කොම 3000. එතකොට ඉතිරි දවස් 10ම කළේ 1000ද? පහේ පන්තියේ කොල්ලෙක්...

:       0       108

සෙනෙවිරත්න Thursday, 23 April 2020 01:23 PM

මේ 69 ලක්ෂෙ අය වෙන්න බැහැ මං හිතන්නෙ 3% වෙන්න ඇති නේද පොහොට්ටුව මහත්තයා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14019 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site