ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 1,85,000 ඉක්මවා ගොස් ඇත.
අද (23) පස්වරු 6.30 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,85,457ක් ලෙස දැක්විණි.
සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 26,58,865ක් ලෙස සටහන්ව තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 7,30,393ක් විය.
රොයිටර් පුවත් සේවයට අනුව ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන නව කොරෝනා වයිරසය රටවල් සහ පරිපාලන ප්‍රදේශ 214කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.
ලොව වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
දෙවැනියට සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් හා ඉතාලියෙනි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,13,024කි. ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,87,327කි.
දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 25,085කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන 22,157කි.
විදෙස් වාර්තා ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd