‘රාජ්ය සේවකයන් පැය 8 න් 6ක් වත් සේවය කළ යුතුයි’
රටේ ජනතාව අතරින් දාහතර ලක්ෂයක් වූ රාජ්ය සේවකයින් රට සංවර්ධනය කිරීමේ ප්රමුඛ බලවේගය බවත්, රාජ්ය සේවයේ ඉන්න උගතුන්, බුද්ධිමතුන් බහුශ්රැතයින්, දේශපාලනඥයන්ගේ දොස් කියකියා නොඉඳ ඔවුන් සේවය කළයුතු පැය 8න් පැය 6ක්වත් හරියට සේවය කර දේශපාලනඥයින්ගේ කම්මැලිකම්, නොහොබිනාකම්, දූෂිතකම් ඔක්කොම පෙරළාගෙන ඉස්සරහට පැමිණ මේ රට ගොඩගතයුතුයැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (29) රත්නපුරේදී පැවසීය.