හකීම් - රිෂාද් කැබිනට් රැස්වීමට ඇමැති ධූරවල යළි දිවුරුම් දුන් රාවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන් යන ඇමැතිවරු දෙදෙනා අද (30) උදේ පැවති කැබිනට් රැස්වීමට සහභාගී වුහ. 30 July 2019
පට්ටිගොඩදී දුම්රියෙන් වැටුණු පාසල් සිසුවාට බරපතලයි හීන්දෙනිය - පට්ටිගොඩ ප්‍රදේශයේදී අද (30) සවස දුම්රිය අනතුරකට ලක්වූ බව කියන පාසල් සිසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 30 July 2019
රංජන් අධිකරණයට අපහාස කළැයි කී වීඩියෝ දසුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ අඩංගු සංස්කරණය කළ හා නොකළ රූපවාහිනී විඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (30) ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි. 30 July 2019
ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධ නීතිපති උපදෙස් ගන්න නියෝග ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් වූ සීසීටීවී කැමරා දර්ශන වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඊළග නඩු දිනයට ඉදිරිපත් කරන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ. නිල්මිණී රන්කොන්ත්ගේ මහත්මිය අද (30) රහස් පොලීසිය නියෝග කළාය. 30 July 2019
‘මඩකලපු සරසවිය රජය සමඟ එක්ව ආරම්භ කරන්න සුදානම්’ මඩකලපුව පුනානිහි ස්ථාපිත කිරිමට නියමිත විශ්ව විද්‍යාලය රජය සමඟ එක්ව ආරම්භ කිරීමට තමා සුදානම් යැයි බැට්කොලෝ කැම්පස් පුද්ගලික සමාගමේ සභාපති, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කොළඹ දී අද (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 30 July 2019
අලුත් පනත ආවොත් විශ්ව විද්‍යාල පද්ධතිය අනතුරේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකබව සහ තත්ත්ව ආරක්ෂණය අවශ්‍ය බව පවසමින් ආණ්ඩුව ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතළ හානියක් සිදුවන ආචාර්ය දිලීප විතාරණ මහතා අද (30) පැවැසීය. 30 July 2019
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් කෝටි 8800 ක බැංකු ණය එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපෘති 90,000 ක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබා දී තිබේ. 30 July 2019
කුඩු ජාවාරම්කරුවෙක්ට මරණ දඬුවම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිමින් සිටියදී හෙරොයින් කිලෝවක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) මරණ දඬුවම නියම කළේය. 30 July 2019
අගෝස්තු 1 දා සිට ගාලු කුමාරිය අලුත් වෙයි ලබන 1 දා සිට මරදාන - බෙලිඅත්ත සහ බෙලිඅත්ත - මරදාන අතර ධාවනය කෙරෙන ගාලු කුමාරි දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ එස් - 13 වර්ගයේ නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි. 30 July 2019
අනුර සේනානායකගේ නඩුව ඔක්තෝබර් 23 දා සිට විභාගයට රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියම කළේය. 30 July 2019
‘ජවිපෙ ජනපති අපේක්ෂකයා 18 වැනිදා කියනවා‘ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 18 වැනිදාට ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (30) පැවසීය. 30 July 2019
ජ’පුර උපකුලපතිට අග්නිදිග ආසියා විශ්ව විද්‍යාල කලාපීය නියෝජිත ධූරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායමේ කලාපීය නියෝජිත ලෙස ඉකුත් දා තේරී පත්විය. 30 July 2019
මුස්ලිම් කොංග්‍රසයෙන් තවත් අනතුරු ඇඟවීමක් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෙදීමක් සිදුකරන්නේ නම් නැවතත් අමාත්‍යධූරවලින් ඉවත්වී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගන්නා බවට ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ. 30 July 2019
රංජන්ට එරෙහිව චෝදනා පත්‍ර බාරදෙයි පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බාර දෙන ලදී. 30 July 2019
අඟුණකොළපැලැස්ස ප්‍රහාරයේ වාර්තා යට ගහලා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් පත්කරන ලද කමිටු වාර්තා මාස හතක් තිස්සේ බාර දී නැති බව එම අමාත්‍යංශය සඳහන් කරයි. 30 July 2019
සීඅයිඩීය සාෆි ගැන කරන පරීක්ෂණ පක්ෂග්රාහී යැයි විරෝධතාවක් වෛද්‍ය සාෆි සම්බන්ධව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ පක්ෂග්රාහී බවත් කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයා ඇතුළු අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනීසිටින පාර්ශවවලට එල්ලවන බලපෑම් නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද (30) උදෑසන කුරුණෑගල දී උද්ඝෝෂණයක් සහ විරෝධතා පා ගමනක් පැවැත්විණි. 30 July 2019
නරක් වූ පලතුරු යොදා බීම සැකසූ අවන්හල් 2කට දඩ පිටකොටුවේ ඉවත දමන නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් දෙකක හිමිකරුවන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් 5,000 බැගින් දඩයක්ද නියම කර, දැඩි ලෙස අවවාද කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික ආහාර පරීක්ෂණ ලාල් කුමාර මහතා පැවසීය. 30 July 2019
සයිටම් උපාධිධාරීන් සති 3 කින් ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සයිටම් උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය. 30 July 2019
කසල තේ කිලෝ 6100 ක් අත්අඩංගුවට කොළඹ තේ වෙළෙඳපොළට රැගෙන එමින් තිබු කසල තේ කිලෝ 6100 ක් පේරදෙණිය අගුණවල ප්‍රදේශයේ දී ගම්පොළ විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 30 July 2019
නන්පෙරියල් රක්ෂිතයේ ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටරයක් බලන්ගොඩ නන්පෙරියල් රක්ෂිතයේ හෝටන්තැන්න පහළ කොටසේ දින තුනක් තිස්සේ ව්‍යාප්ත වී තිබෙන ගින්න නිවා දැමිම සඳහා අද (30) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගෙන කටයුතු කරමින් සිටී. 30 July 2019
යාචකයා ඝාතනය කිරීමේ සිද්ධිය බලා සිටි ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගලේවෙල කලාවැව හංදියේ බස් නැවතුම්පොළක නිදාසිටි යාචකයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවීම දෙස බලා සිටි ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු සැකපිට අද (30) දින ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 30 July 2019
සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට ජාතික තවුහීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිදගේ වැඩිමහල් සොහොයුරා කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ දි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 30 July 2019
වෑන් රථ සිද්ධියේ තුවාල ලැබූ සැකකරු මරුට - පලාගිය අය අත්අඩංගුවට අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී හමුදා නිලධාරීන් එල්ල කළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ සැකකරු මිය ගොස් ඇති බවත්, පලාගිය සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. 30 July 2019
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුවේදී වෙඩි හමුදා අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වාද්දුව නගරයේදී කළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ වෙඩි වැඳී තුවාල වු පුද්ගලයකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම වෑන් රථයේ ගමන් කළ තවත් පුද්ගලයකු පළා ගොස් ඇතැයි වාර්තා වේ. 29 July 2019
ඇමෙරිකානු තානාපතිනියගෙන් ජනපතිට ලිපියක් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැඩ සටහන සංවර්ධන ආධාර ගිවිසුමක් බවත් මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 480 ක මුදල ඇමෙරිකානු ජනතාවගේ පූර්ණ පරිත්‍යාගයක් මිස ණය මුදලක් නොවෙන බවත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිවාස් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් දන්වා සිටී. 29 July 2019
හිටපු ඇමැති හාරිස් ඇමැති ධූරයක් එපා කියයි හිටපු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති එච්.එම්.එම් හාරිස් මහතා නැවත ඇමැති ධූරයක් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 29 July 2019
උපාධිධාරීන් 16800 කට පත්වීම් රජයේ පත්වීම් ලබා දීමේ වැඩ සටහන යටතේ සරසවි උපාධිධාරීන් 16,800 සඳහා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 29 July 2019
මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති මුස්ලිම් මන්ත්‍රීවරුන හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ. 29 July 2019
රවුෆ් හකීම්ගේ නිවසින් ලක්ෂ 60 ක් සොරාගනී හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි. 29 July 2019
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්න ඉඩ දෙන්නේ නෑ පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ දරමින් සිටින බවත් එම මැතිවරණය පැරණි මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවත් නැගෙනහිර හිටපු මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය. 29 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026