IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අවිස්සාවේල්ල - ගොඩකවෙල සෙබළු අයිඩීඑච් රෝහලට

ප්‍රින්ස් රත්නායක

රත්නපුර මහ රෝහළ වෙත  පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ  වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි දෙදෙනකුට වයිරස ආසාදනය වී  ඇති බවට තහවුරු වීමෙන් පසු අද (25) කොළඹ අයිඩීඑච් රෝහළ වෙත යොමු කළ බව රත්නපුර මහරෝහළේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගු මහතා සඳහන් කළේය.

අවිස්සාවෙල්ල හා ගොඩකවෙල සෙබලුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවත් ඉඹුල්පේ නෙල්ලිවල නාවික සෙබලාගේ  අාසාදිත තත්වයක් නොමැති මුත් තත්වය තවදුරටත් තහවුරු කරගැනීමට   අයිඩීඑච් රෝහලට යවා ඇති බව තොරතුරු අනාවරණය වෙයි.

ඉඹුල්පේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ නිරෝධායනය සඳහා සම්බන්ධ වු  පුද්ගලයින් 45 දෙනෙක් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද මංජුල ගොඩගේ මහතා සඳහන් කළේය

බළන්ගොඩ ස්වයං නිරෝධායනයට යොමුකළ පිරිස 24 කි. ඒ අනුව බළන්ගොඩ හා ඉඹුල්පේ කලාපයන් දෙකෙහි පුද්ගලයින් 69 ක් නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන  ඇත.
 



අදහස් (0)

අවිස්සාවේල්ල - ගොඩකවෙල සෙබළු අයිඩීඑච් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site