දරු උපතේදී මව්වරුන් මියයාම ඉහළයයි ශ්‍රී ලංකාවේ දරු උපත්වලදී මව්වරුන් මියයාම ඉහළයමින් තිබෙන අතර, සජීවී දරු උපත් 100,000කට මව්වරු 40ක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය. 28 July 2019
‘ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන්න විදේශීය රටවලට අයිතියක් නෑ’ ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න විදේශීය රටවලට කිසිදු අයිතියක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (28) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවසීය. 28 July 2019
බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 28 July 2019
අපේක්ෂකයා ගැන තීරණය ගන්න කලින් අගමැති සුළු පක්ෂ හමුවෙයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව එම පක්ෂය සමගින් එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇත. 28 July 2019
‘ඇතැමුන්ට සජිත් භීතිකාවක් ඇතිවෙලා’ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති බැවින් ඇතැමුන්ට සජිත් භීතිකාව සෑදී ඇතැයි විදේශ රැකියා, විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී අද (28) පැවසීය. 28 July 2019
‘දකුණේ කිසිම සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය ලැබෙන්නෙ නැහැ’ ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක හෝ එකී පක්ෂයකින් එන සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය හිමිනොවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇත්තේ ද බලවත් අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතා කීය. 28 July 2019
අනතුරට ලක්ව ඇති නෞකාව ඉවත් කරන්න දැනුම් දෙයි රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙස අදාළ නැව් සමාගමට දැනුම් දී ඇති බව සමුද්රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පැවසීය. 28 July 2019
කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි 28 July 2019
වැදගත් දේශපාලන පෙරළියක් වෙනවා ‘2015 මැතිවරණයෙන් පස්සේ ඉතාමත් වැදගත් දේශපාලන පෙරලියක් හෙට අනිද්දා ඇති වෙනවා. එය පළාත් සභා මැතිවරණය හරහා හෝ ජනාධිපති වරණය නිසා වෙන්න පුඑවනි. නමුත් මේ මාසයේ 30 වැනිදායින් පස්සේ කාලය බැලුවාම ඒ කාලය තුළ පළාත් සභා මැතිවරණයක් තියන්න බැහැ..“ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (27) පස්වරුවේ නිවිතිගලදී පැවැසීය. 27 July 2019
ඉදිරි ජනපතිවරණයට චමල් ඉදිරිපත් වීමට ඉඩ තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් නොකොට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන සහ ධීවර අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) කැකිරාවේදී පැවසීය. 27 July 2019
ශ්‍රීලනිප යම් පිරිස් එජාපයත් සමග එකතු වෙන්න අදහසක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. 27 July 2019
සජිත් රටට ඇති එකම විකල්පයයි සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත්, අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බවත් විදේශ රැකියා, විදුලි සංදේශ හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේද අද (27) පැවැති මාධ්‍යහමුවකදී පැවසීය. 27 July 2019
මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් 150 ක් ගුවන් ප්‍රහාරයකින් මරුට මධ්‍යධරණී මුහුදේදී බේරාගත් සංක්‍රමණිකයන් 150 දෙනකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය අද (26) සඳහන් කළේය. 26 July 2019
ශ්‍රී ලංකාවට ලකුණු 91ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 26 July 2019
නීතිඥවරයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය කාලය පුරා නිසි ක්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2019
හිටපු අගවිනිසුරු ශ්‍රී පවන්ගෙන් ජනපති කොමිසමට ලිඛිත ප්‍රකාශයක් 2015 ‐ 2018 දක්වා කාලයේ සිදුව ඇතැයි කියන වත්මන් රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන බව හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා අද (26) එම කොමිසමට දන්වා ඇත. 26 July 2019
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව අගෝ. 30 දාට කල්යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති ප්රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන අගෝස්තු 30 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. 26 July 2019
මහින්දානන්දට-හිටපු සතොස ගබඩා පාලකට ඇප සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ හිටපු සතොස ගබඩා පාලකවරයා ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) නියම කළේය. 26 July 2019
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දෙන තුරු මැදමුලන නඩුව කල් යයි වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙන තුරු නොපැවැත්වීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26) තීරණය කළේය. 26 July 2019
ඉදිරි ජනාධිපතිවරණයේ දී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් ලබන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 July 2019
වැලි ගොඩදැමූ බන්ධනාගාර නිලධාරීන්-සිරකරුවන් ඇතුළු 5ක් අත්අඩංගුවට මොනරාගල බන්ධනාගාරයේ අවශ්‍යතාවකට යැයි පවසමින් කුඹුක්කන් ඔයෙහි වැලි ගොඩ දැමූ බව කියන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ සිරකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද(26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 26 July 2019
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල මත 2018 / 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් අගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර තිබේ. 26 July 2019
‘ව්‍යවස්ථාව යළි වෙනස් කරන්න ආණ්ඩුවට අයිතියක් නෑ’ ව්‍යවස්ථාව යළි වෙනස් කිරීමට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. එය කළ හැක්කේ ඊළඟට පත්වන ආණ්ඩුවට පමණක් යැයි විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10 සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 26 July 2019
පොහොට්ටුව සමඟ කරුණාත් එක්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද උදෑසන අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘ කරුණා අම්මාන්ගේ‘ පක්ෂයත් එක්වී සිටී. කලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, පසුව නීත්‍යානුකූල දේශපාලනය තෝරා ගත්තේය. 26 July 2019
අගෝ.12 පෙර අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන්නැයි නියෝග කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ. 26 July 2019
රියලිටිවල සින්දු වෙනස් කිරීම තහනම් කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. 26 July 2019
ඩයිනෝසරයකුගේ අස්ථියක් ප්‍රංශයෙන් හමුවේ ප්‍රංශයේ දකුණු දිග කොග්නැග් ප්‍රදේශයේ කළ කැණීමකදී ඩයිනෝසරයකුගේ විශාල ප්‍රමාණයේ කලවා අස්ථියක් සොයාගත් බව ප්‍රංශ පොසිල විද්‍යාඥයෝ පවසති. 26 July 2019
කසළ ගෙන්වූ අයට දඬුවම් කරන බව මංගල කියයි එක්සත් රාජධානියේ සිට මෙරටට කසළ ආනයනය කිරීමට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 July 2019
නීතිපති-මහ බැංකු අධිපති අද විශේෂ කාරක සභාවට නීතිපති දප්පුල ද ලිවේරා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු සිව්දෙනකු පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය. 26 July 2019
බස්නැවතුම්පළක නිදා සිටි පුද්ගලයකු ඝාතනය කරයි ගලේවෙල කලාවැව හන්දියේ කුඩා බස් නැවතුම්පළක නිදා සිටි පුද්ගලයකු අද (26) අලුයම ඝාතනය කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 26 July 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026