(නිමන්ති රණසිංහ)
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර කට්ටිය ?
මේ ඔක්කොම ව්‍යසන කාලකන්නි කුඩු කාරයෝ කට්ටියක් හින්දනේ... කුඩ්ඩන් සමාජයෙන් අයින් කර හුදකලා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා නම් මේ ව්‍යසන මෙතරම් දරුණු වෙන්නේ නැහැනේද? බලෙන් හෝ වැඩගන්න වැඩ කඳවුරු ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වගේ කාලකන්නි පාලනය කරන්න.
මටනම් හිතුනා. කොරෝනා මර්දන වැඩසටහටනට යවන සෙබලු පළමුවෙන්ම පී.සී.ආර් ටෙස්ට් එක කරන්න ඕනේ. එයාලගේ ආරක්ෂාව වැදගත්.