ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (23) නිවේදනය කළේය.
අද (23) නව සඳ දිස් නොවූ බැවින් රාමසාන් උපවාස සමය 25 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහ පල්ලිය තීරණය කර ඇත.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය සහ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්නැයි ද කොළඹ මහ පල්ලිය සියලු පල්ලිවලට දැනුම් දී ඇත.
කිසිදු හේතුවකට පල්ලිවලට බැතිමතුන් රැස් නොකිරීමට ද මහ පල්ලිය තීරණය කර ඇත.
රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය එම ඉල්ලීම කර තිබිණි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන්නැයි ද කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ වූ උපවාස මාසය වන රාමදාන් උපවාස මාසය මේ සතිය අගදී ආරම්භ වේ.
ඒ ඒ රටවල බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැයි නියෝග කරන්නේ නම් ඒ අනුව කටයුතු කරන්නැයි ද එම කවුන්සිලය ඉල්ලා තිබිණි.
‘‘මුස්ලිම්වරුන් එක්රැස්වීම නොකළ යුතුයි. මහජන ඒකරාශීවීම් වයිරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව’’ යැයි සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවෙ මෙවර රාමසාන් නෑ....
මොන දේ කලත් ආයිමත් විනාශයක් කරගන්න වගේ. උපවාස අවසන් කරන වෙලාවට කැඳ බෙදන්න ගෙවල් ගානේ යන්නයි, පල්ලියට එන්නයි පටන් ගනීවි... සමුහ එක්රැස් කරලා. අනිකුත් සියලු ආගමිකයින් ආගමික කටයුතු අත්හිටවල නේද තියෙන්නේ...? ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මොනවා කලත් මෙහෙ ඉන්න අය ඒ වගේ අයවලුන් නොවෙයි කියල ඔප්පු කලා මදිද?
හෙටදින රාමසාන් උත්සවය සමරන සියලුම ඉස්ලාම් භක්තිකයින්ට සුබ රාමසාන් කියල සුබ පතනවා. ඒ වගේම මේ ටිකත් කියල තියන්නට ඕනේ. "උණහපුලුවට උගේ පැටිය මැණිකක්" කියල කියමනක් තිබෙනවා. රාමසාන් ඔබලාට විශේෂ වෙන්න පුළුවන්. හැබැයි සිංහල සහ හින්දුන්ට අලුත් අවුරුදු උත්සව අතහරින්න පුළුවන් උනානම්... ක්‍රිස්තියානි උදවියට මෙවර පාස්කු සැමරීම අතහරින්න පුළුවන් උනානම් අල්ලා කියපු නිසා බෙල්ල කඩාගෙන හරි රාමසාන් සමරන්න ලෑස්තිවෙන්න එපා. ඕක තවත් උත්සවයක් විතරමයි. කරුණාකරලා උඩ දාගෙන නටාගෙන සමරන්න ගිහින් රට විනාශ කරන්න එපා.
මුළු ලෝකෙටම සාපයක්....
රාමලාන් උපවාස සමයේ පිළිපැදිය යුතු විධිවිධානයන් පිළිබඳව අවශ්‍ය උපදේශ සියල්ල මුස්ලිම් ආගමික නායකයින් විසින් මුස්ලිම් ජනතාවට ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුන් කටයුතු කරාවී. දැනට නිරෝධායනයට ලක්වී සිටින මුස්ලිම් ජනතාවට උපවාසය ඇරඹීමට සහ බිඳීමට අවශ්‍ය කරන ආහාර පානාදිය ලබාදීමට පියවර ගෙන තිබෙන බව යුදහමුදාපතිතුමා පවසා තිබෙනවා.
ලංකාවේ සියලු මුස්ලිම් සහෝදර සහෝදරියන් රාමසාන් උපවාස කාලය හොඳින් ගත කරන්න. උඩ අදහස් පළකරපු සමහර මන්ද බුද්ධිකයන්ගේ අදහස් එච්චර ගණන් ගන්න ඕනේ නැහැ. අපි හැමෝම ලාංකිකයන් වගේ එකමුතුව ඉමු අනෙක් අයට ගරු කරලා.
නුවන් පුතාගේ අදහස් ම එකසිතින් පිලිගනිමි. ඔහු මෙන් සේම කෙනෙකුම කල්පනකොලොත් අපේ රට පලමුතැනේ සිටි. "තමාට පෙර රට"