අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන පොලිස් බල ප්‍රදේශවල තාවකාලිකව ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කර තිබේ.
ඊයේ රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක අතර අද (24) උදෑසන වන විටද එය ක්‍රියාත්මකය.
අසාදිත සැක පුද්ගලයින් කිහිප දෙනකු මෙම ගම්මානවලට පැමිණ ඇතැයි ලැබුණු පැමිණිලි මත මෙම ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කළ බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මේ වන විට එම පොලිස්බල ප්‍රදේශයන්හි අතවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන අතර එම ගම්මානවල සිටින කිසිදු පුද්ගලයකුට ඉන් පිටවීම හෝ අලුතින් ගම්මානවලට ඇතුළු වීමද තහනම් කර තිබේ.
සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගන්නා තුරු නිවෙස්වලටම වී රැදී සිටින ලෙස ජනතාවට දැනුම් දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සැක සහිත ගමක්, ප්‍රදේශයක් ස්වයං නිරෝධායන ප්‍රදේශයක් ( රෝගීන් තහවුරු කරගන්න තුරු ) ලෙස නම් කරාම එම ප්‍රදේශයේ ඉන්න සියලුම දෙනාට මුඛ ආවරණ පැළදීම අනිවාර්යය කරන්න ( නිවාස තුළ සිටින විටදීත් ) එමගින් රෝග ව්‍යාප්තිය අවම කරගත හැකිය.
මේ දමන එහෙම තවමත් සුන්දර ගම්ම්මාන 1960 ගණන්වල ලියවුන දිගාමඩුල්ලේ ආශ්චර්යය " පොතේ මේ ප්‍රදේශ ගැන අපූරු සටහන් තියනවා. දැන් කියවනකොට දුකත් හිතෙනවා මේ වගේ තැන් වලටත් මේකෙන් බේරෙන්න බැරි හැටි...