එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය රටට හෙළි කරන්න එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 12 December 2019
අලි රොෂාන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ඇරඹේ නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගත් බවට අධි චෝදනා ලැබ සිටින අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) ආරම්භ කෙරුණි. 12 December 2019
‘එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ‘ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 December 2019
ලක්ෂ 33 ක බීඩි කොළ රාජසන්තක කරයි ඉන්දියාවේ සිට නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 625 ක් උතුරු පළාත් රේගු නිවාරණ කාර්යාලය අද (12) රාජසන්තක කළේය. 12 December 2019
දයා රත්නායක වරායේ නව සභාපති ධුරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ. 12 December 2019
ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැහැ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නැතැයි වාර්තා වේ. 12 December 2019
‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ’ තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) පැවැසීය. 12 December 2019
තරුණයකු පිහියෙන් ඇන මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම කොටහේනේදී 17 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී 12 December 2019
කොරියාවට ගිය ලාංකිකයෝ 3821 ක් නීතිවිරෝධීව රැඳී සිටිති රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 3821 දෙනෙකු සේවා කාලය අවසානයේ ආපසු නොපැමිණ එරට නීතිවිරෝධී අන්දමින් රැඳී සිටින බව කොරියාවේ මානව සම්පත් සංවර්ධන අංශයේ රැකියා බලපත්‍ර ක්‍රමය කි‍්‍රයාත්මක කිරීමේ ශ්‍රී ලංකා අධ්යක්ෂ කිම් වොන් සියොක් මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2019
එජාප ප්රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරයට අදාළ කමිටුව ප්‍රථම වතාවට ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය. 12 December 2019
ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ මානසික වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය. 12 December 2019
අක්‍රිය පක්ෂ ගැන ජාතික හෙළ උරුමයෙන් කොමිසමට ඉල්ලීමක් ලියාපදිංචි කළ පක්ෂවලට අමතරව ලියාපදිංචි නොකළ පක්ෂ වර්ගීකරණයක් කරන්නැයි ජාතික හෙළ උරුමය ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත. 12 December 2019
‘රාජ්‍ය ඇමැතිවරු 38 ක් විෂයක් නැතිව පිං පඩි ලබමින් සිටිනවා’ රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 12 December 2019
පේරාදෙණිය සරසවි සිසුහු පාරට බසිති විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් දැනට මාස කිහිපයක් තිස්සේ නැවතී ඇති ශිෂ්‍යාධාර වහාම ගෙවන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) පේරාදෙණිය ගලහ හන්දියේදී පැවැත්විණ. 12 December 2019
විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක් රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 December 2019
මිලියන 40 ක මුදල් අවභාවිතයක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රවර්ධන කටයුතු සිදුකරන බව පවසා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2019
වෙහෙරගල විද්‍යාලයේ පරිගණක සොරු අරන් යති අම්පාර අධ්‍යාපන කලාපයේ වෙහෙරගල ප්‍රාථමික විද්‍යාලයේ තිබු පරිගනක යන්ත්‍ර තුනක් අද (12) අලුයම් කාලයේ දී සොරා ගෙන ගිය සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව දමන පොලීසිය කියයි. 12 December 2019
‘රජයට තුනෙන් දෙකක බලයක් දෙන්න ශ්රීලනිපය කැප වෙන්න ඕනෑ’ ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කීය. 12 December 2019
ශ්‍රී පාද අඩවියට මත්ද්‍රව්‍ය රැගෙන ආ 7දෙනෙකු අත්අඩංගුවට නල්ලතන්නියේ ශ්‍රී පාද උඩ මළුව ප්‍රධාන මාර්ගයේ, කල්පරුක්ෂ විහාරය අසළ නව පොලිස් මුරපොළෙහි කළ පරීක්ෂාවකදී කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනයාමට තැත් කළ තරුණයන් හත්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය කියයි. 12 December 2019
හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි 80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය. 12 December 2019
සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 12 December 2019
සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට නේපාලයේ පැවති සාග් ක්‍රීඩා උලෙළට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 12 December 2019
හංවැල්ලේ සිදුවූ ගැටුමකින් තිදෙනෙකු රෝහලේ හංවැල්ල පරණ පාරේ ඉන්ධන පිරවුම් හලක් තුළදී එහි සේවයන් තවත් පිරිසක් සමඟ අද (11) ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 11 December 2019
26 වැනිදා වලයාකාර සූර්යග්‍රහණයක් විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරු8.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 December 2019
දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පැවැත්වීම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අංගයක් දකුණු ආසියානු කලාපයේ රටවල් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ මූලික අංගයක් යැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දී පැවැසීය 11 December 2019
රන් බිස්කට් 99 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු රන් බිස්කට් 99 ක් විදුලි පංකාවක් බහා ලන පෙට්ටියක් තුළ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකු ඊයේ (10) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 December 2019
ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයින්ගේ නඩුවේ තීන්දුව 22 වැනිදා ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඩුබායි අධිකරණය අද (11) නියම කළ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 11 December 2019
ජපන් විදෙස් ඇමැති හෙට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා තෙදින නිල සංචාරයක් සදහා හෙට (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 11 December 2019
මහමැතිවරණයට එජාපය පොදු සන්ධානයකින් මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 December 2019
මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් දෙදෙනෙකු රිමාන්ඩ් මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර වැඩ බලන මහේස්ත්රාෙත් වසන්ත රාමනායක මහතා අද (11) නියෝග කළේය. 11 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026