( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 දරණ ගුවන් යානය මගින් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මීට අමතරව එළැඹෙන (24) දින UL 194 ගුවන් යානය කොයිම්බතුර් සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද , UL 1425 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.
එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම ඊයේ (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියහ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය
මෙලෙස පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ශ්‍රී ලංකාවට ගෙන එම ඉතාම හොදය. නමුත් රුපියල් කොටිගනනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ අප මේ වනවිට රැකියාවල් නොමැතිව අසරණව සිටි. පසුගිය ජනාධිපතිවරණයේදී මැදපෙරදිග අප දහස් ගණනින් ලංකාවට පැමිණ ගෝඨාභය මහත්තයට චන්දය ලබාදුනි. මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද? අතේ සතේ නැතිව ලංකාවට එන අපට ගුවන් තොටුපලේදි රුපියල් 5000ක දීමනාව ලබා දීමට සලස්වන්නේ නම් මහගු පිනකි.
හාදයට බර වියදම් වගේ... මේ... අඩබෙර ගහන්නේ නැතිව නිශ්ශබ්දව තමන්ගේ වගකීම්, යුතුකම් කරන්නකෝ රගන්නේ නැතිව...
රුපියල් කෝටි ගණනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද?
අයියා දිනුවොත් මල්ලි දිනුම් ... මල්ලි දිනුවොත් අයියා දිනුම්... !!!
එතකොට මැද පෙරදිග අතරමන් වෙලා ඉන්න ශ්‍රමිකයෝ ශ්‍රී ලාංකිකයෝ නොවේද ? ඔබලාට පිඩිත පන්තියේ කම්කරුවන් ගැන මතක් වෙන්නේ ඡන්දය කිට්ටු වෙනකොටද?
මැදපෙරදිග අසරණ වෙලා ඉන්න අපේ දුප්පත් ශ්‍රමිකයෝ කාන්තාරේ මහා අවුවේ, වේලි දුක් විදිනකොට, සුපිරි පැලැන්තියේ ලොකු ලොක්කන්ගේ දරුවන් පමණක් මෙරටට ගෙන්වා ගන්න, ඔබලාට අපි ඡන්දෙදි උගන්වන්නම් හොඳ පාඩමක්. අපටත් ඕනේ ඡන්දයක්, හැමෝටම එක හැන්දෙන් බෙදන්න පුරුදු වෙන්න නැත්නම් 2015 උගන්වපු පාඩම මෙදාපාරත් අපිට අලුතෙන් කියාදෙන්න සිදුවෙනවා
ඔබතුමා ඇතුළු පාලකයෝ කල්පනා කරන්නේ මේ විදිහට " මැද පෙරදිග ඉන්න බුරුවෝ ටික එහෙම උන්නාවේ , කොරෝනා වසංගතේ ඉවර වුන දිනක ඒ අය පණපිටින් හිටියොත් උන් නැවත එහෙ ඉඳන් බර ඇදලා රියල් , ඩිනාර් වලින් හම්බු කරලා ලංකාවට එවාවි... වසංගතයෙන් පස්සේ අපට සැප කාර් ගන්න , අපේ ළමුන්ට පිටරට උගන්වන්න යවන්න රට සල්ලි කොහොමත් ඕනෙනේ කියලද ? දැන් ඒ ටික මෙහෙ ගෙනාවොත් ඔය එකකවත් කෙරෙන්නේ නැහැ.